============================================================================-------------------------------------------------------------------------------------------------------------------------------------
* 2017 දි රජයේ නොපියවූ ණය 2017 අවසානයට දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස පැවති සියයට 76.9 සිට 2018 වසර අවසානය වන විට සියයට 82.9 දක්වා වැඩිවී ඇති අතර, "ණය ගැනීමට බය නැති" මහා වීරයා වන මහින්ද රාජපක්ෂ රට උගසට තබමින් දිගට හරහට ගත් ණය විශාල ප්‍රමාණයක් ගෙවීමට සිදුව ඇත්තේ 2019 සහ 2020 දී වන නිසා එය තවත් විශාල ලෙස ඉහළ යාමට නියමිත ය.
* ශ්‍රී ලංකාවේ නොපියවූ මුළු විදේශීය ණය ප්‍රමාණය , ණය ගෙවීම් පිළිබද ව රනිල් වික්‍රමසිංහගේ සහ මංගල සමරවීරගේ පම්පෝරි නොතකමින්, 2017 දී තිබූ ඇමරිකන් ඩොලර් මිලියන 51604 සිට 2018 වසර අවසානය වන විට ඇමරිකන් ඩොලර් මිලියන 52310 දක්වා තවත් ඩොලර් මිලියන 706කින් ඉහළ ගියේය. ඒ අනුව මුළු රටේ ම නොපියවූ විදේශීය ණය දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතය ලෙස සියයා 58 .7 ක් විය.
*රජයේ මුළු ආදායමේ ප්‍රතිශතයක් ලෙස ණය (විදේශීය සහ දේශීය ණය) ආපසු ගෙවිම් 2017 වසරේ පැවති සියයට 87 සිට 2018 වසරේදී සියයට 108.8 දක්වා වැඩි වී ඇති අතර විදේශීය ණය ආපසු ගෙවීම් අපනයනවල ප්‍රතිශතයක් ලෙස 2017 පැවති සියයට 13.4 සිට සියයට 16.0 දක්වා වැඩි විය.
*අපනයන ආදායම් වර්ධන වේගයට වඩා ආනයන වියදම් වර්ධන වේගය ඉහළ යාම නිසා ඉතිහාසයේ පළමු වතාවට වෙළද හිඟය ඇමරිකන් ඩොලර් බිලියන 10 ද ඉක්මවා ඇත.
* ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය පවා ඇමරිකන් ඩොලර් 4102 දක්වා 2017 දී වූවාට වඩා අඩු වී ඇත.
*ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත තත්ත්වය 2017 දී වූ ඩොලර් බිලියන 8.0 සිට 2018 අවසානය වන විට ඩොලර් බිලියන 6.9 දක්වා ඩොලර් බිලියන එකකින් ම අඩු වී ඇත.එය දැන් ඉතිහාසයේ ප්‍රථම වතාවට බිලියන 10 ඉක්මවා ඇතැයි රනිල් පම්පෝරි ගහන්නේ , මහිදන්දලා පෙර කල කළාක් මෙන් රට උගසට තබා ගන්නා අලුත් ණය ද එකතු කරමින් විනා, රට ඉපයූ අලුත් ආදායම්වල පිහිටෙන් නො වේ .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අලුත් ම පුරෝකථනයන් අනුව මෙරට ආර්ථික වර්ධනය මේ වසරේ දි සියයට 1.7 වනු ඇත.
ආර්ථිකයේ පවතින එවන් දරුණු අයහපත් තත්වයක් යටතේ ,සජිත් සහ ගෝඨාභය එකිනෙකා පරයමින් දීමට සඵත කරන සහන පැකට්ටු හුදෙක් ම ජනතාවගේ ඇස් වලට පිරෙන්නට වැලි ගසා කෙසේ හෝ බලය සියතට ඩැහැ ගැනීමේ ඡන්ද ගුණ්ඩු මිස අනෙකක් නො වන බව ඒ අනුව ඉබේ ම පැහැදිලි වේ.(සමහර විට මේ තරම් අත දිග හැර පොරොන්දු දෙන්නේ මිලේනියම් ගිවිසුම මගින් රට උගසට තබා ඇමරිකන් අධිරාජ්‍යවාදී පප්පාගෙන් ලබා ගැනීමට අපේක්ෂිත ඩොලර කුට්ටිය යොදා ගෙන විය හැක.)
මේ පොරොන්දු එවන් දේ බව ජනතාවගෙන් අති විශාල බහුතරය අවබෝධ කර ගෙන අවසාන ය. ඒ අනුව දැන් පෙර නො වූ විරූ ලෙස මේ පක්ෂ සහ නායකයන් ජනතාවගේ පිළිකුලට සහ වෛරයට පාත්‍රව ඇත. නව මාවතක් විවර කර ගැනීමේ අවශ්‍යතාව ජනතාවගේ වඩ වඩාත් වැඩි වන කොටස් අතර දැවෙන අවශ්‍යතාවක් ලෙස මතු වෙමින් ඇත.
මොවුන් පරාජය කළ යුත්තේ කෙසේද යන ගැටළුවට විසඳුමක් ජනතාවට අවශ්‍ය ව ඇත.ජනාධිපතිවරණයේ දී මෙයට විසඳුම -එහි සීමිතකම් මොනවා වුවත්- සොයා ගත හැක්කේ, ඡන්ද පත්‍රිකාවේ සීමාව තුළ ය.සජිත්-ගෝඨාභය දෙදෙනා ම පරජය කිරීම පෙරදැරි කර ගත් ජනතාව එක් රොක්ව සිටින ප්‍රධාන ම බලවේගය බවට පත්ව සිටින ජාතික ජන බලවේගය මේ සදහා යොදා ගත හැකි එක ම උපකරණය බව බැලූ බැල්මට පමණක් නොව, වඩාත් ගැඹුරින් සලකා බැලූ විට ද ප්‍රතික්ෂේප නොකළ හැකි කරුණ බව පැහැදිලි වන්නේ ය. යූඇන්පී ආණ්ඩුව දිගින් දිගට ම බලයේ පවත්වා ගැනීම සිය සැබෑ දේශපාලනය කර ගත් ඊනියා වම්මු ද, ගෝඨාභයගේ ජයකින් මතු වන බිහිසුණු පාලනය පිළිබඳ සැබෑ බියකින් පසුවන විවිධාකාර වාම සහ ලිබරල් කොටස් ද ගෝඨාභය වෙතින් එල්ල වී ඇති සැබෑ තර්ජනය මත ම පදනම් වෙමින් අන් සියලු මූලික කරුණු යටපත් කිරීමට වෙර දරමින් ඇත.
එතෙකුදු වුවත් ගෝඨාභයගේ අනතුරින් ගැලවීමේ සටන යූඇන්පීයට හෝ සජිත්ට හෝ භාර දීමට ජනතාවට කිසි ම හේතුවක් නැත;කිසි ම පදනමක් ද නැත. 2015 සිට සජිත් ඇතුළු යූඇන්පී ආණ්ඩුව කළ ලොකු ම සාපරාධී ක්‍රියාව වූයේ කප්පරක් චෝදනා තිබූ මේ මිනීමරු ත්‍රාඩ රාජපක්ෂ කල්ලිය පණ ගසා ඒමට ඉඩ සලසා දීම ය; තම පක්ෂයේ ම ආණ්ඩුව කුමන්ත්‍රණකාරීව පෙරළා දමා, වෙන කවුරුන්වවත් නො ව මහින්ද රාජපක්ෂ ව ම අගමැති කිරීම සම්බන්ධයෙන් සිරිසේනට එරෙහි ව වචන මාත්‍රයකුදු සිය ශ්‍රී මුඛයෙන් වැදෑරීමට, 'මම සජිත්, මම සජිත්" යැයි තොරතෝන්චියක් නැති ව තප්පුලන මේ සජිත් ජනපතිවරණ කාල සීමාවේදීවත් මේ දක්වා ඉදිරිපත් ව නැත . එදා හොර අගමැති මහින්දගේ හොර පණිවුඩයක් රැගෙන රනිල් හමුවීමට අරලියගහ මන්දිරයට පැමිණියේ මෙම ගෝඨාභය ම වූ නමුත්, එහි දී මේ හිට්ලර් කීවේ කිමැයි මේ හිට්ලර් -විරෝධීන් රනිල්ගෙන් විමසුවේ නැත; ජනතාවට කීවේ ද නැත;කියන්නේ ද නැත; කියන ලෙස රනිල්ට බල කළේ ද නැත. කරන්නේ ද නැත. සජිත් සිය ශ්‍රී මුඛයෙන් ම වදාරනු ලැබුවේ තමා අගමැතිකම 71 වතාවක් ම ප්‍රතික්ෂේප කළ බවය. එසේ නම් එය දීමට තැත් කළේ සිරිසේන විය යුතු වූ අතර, එහෙව් කුමන්ත්‍රණයක් කළ සිරිසේනට විශ්‍රාම මාලිගාවක් දීමේ යූඇන්පී ආණ්ඩුවේ නීච යෝජනාවට අබමල් රේණුවක විරෝධය පෑවේ ද නැත. ඒ අනුව ගෝඨා බියෙන් රට මුදවා ගැනීමට සජිත් රජ පුටුවේ තැන්පත් කරවීමට මේ ඊනියා වම්මුන් සහ ලිබරලයන් ගන්නා වියරු තැත , ගෝඨා සහ සජිත් යන දෙදෙනා ම පරාජය කොට දේශපාලන බලතුලනයේ බලගතු වෙනසක් ඇති කිරීමට ජනතාව යොමු කර ගැනීමට ඉතිහාසය විසින් ලබා දී ඇති මෙම ස්වර්ණමය අවස්ථා ලත් තැන ම ලොප් කිරීමේ අන්ත ප්‍රතිගාමී වූවක් වේ. පසුගිය කාලය මුළුල්ලේම යූඇන්පීය සමග එක පතේ කමින් සිටි මොවුන් ,එම ආණ්ඩුවේ මේස පල්ලෙන් වැටෙන අවුළුපත් මත යැපෙමින් තවදුරටත් තමන් ද රාජ්‍ය බලයේ රස විදීමට ගන්නා මේ දීන ප්‍රයත්නය සාධාරණීකරණය කර ගැනීමට , කෂඩ ලිබ්බරලුන් අතලොස්සක් ද සමගින් එකව දරන මේ ප්‍රයත්නය, ගෝඨා පැරද්වීමේ එක ම ප්‍රායෝගික ක්‍රියා මාර්ගය බව පිළිගන්නේ නම්, මෙවන් වාසිදායක තත්ත්වයක් කොහෙත් ම නොතිබූ අතීතයේ දී වාමාංශිකයන් ස්වාධීන ව ජනපතිවරණයන්ට මැදිහත් වීමට ගත් සියලු ප්‍රයත්නයන් ද "පොදු සතුරාට" ආධාර කළ "ප්‍රායෝගික නොවන" ක්‍රියා මාර්ගයන් ලෙස හෙළා දැකීමට සිදු වනු ඇත.ඉදිරියේ දී ද ජනතාව යූඇන්පීයෙන් තොර මාවතකට යොමු කිරීම නොකළ යුත්තක් බවට පත් කරනු ඇත.
මොවුන් යූඇන්පීය සදා කල් බලයේ රදවා ගැනීමේ සිය පිළිවෙත ගෙන යෑමෙන් නතර නො වී, අර දෙන්නාට ම විරුද්ධ ව තරග කිරීම ගෝඨාට සහාය දීමක් ලෙස මඩ ගැසීමට ද ඉදිරිපත් ව ඇත.
මෙවැන්නන්ට රැවටුනා නම්, පසුගිය වසර කීපය තුළ සිය සාම්ප්‍රදායික පක්ෂ සහ නායකයන් දේශපාලන වේදිකාවෙන් චුත කිරීමට පෙරට ආ රටවල් තවමත් පාලනය කරන්නේ හිටපු පාලකයන් ම ය.සිය සාම්ප්‍රදායික පක්ෂ පරාජය කිරීමේ මෙම ජාත්‍යන්තර ප්‍රවාහය සමග එක් වෙමින්, ශ්‍රී ලංකාවේ ජනතාව මත ආධිපත්‍යය දරා ගෙන සිටි පක්ෂ /සන්ධාන පරාජය කිරීමට මොවුන් දක්වන මාරක විරෝධය , ඔවුන්ගේ පටු පෞද්ගලික අවශ්‍යතාවන් ගැන සලකන කල කිසිසේත් ම පුදුමයට කරුණක් නො වේ. මේ පක්ෂවලට ඡන්දය දෙන ජනතාව, තමන්ගේ පාක්ෂික සීමාවන් තුළ තමන්ට ඉඩක් ලැබුණ හැම අවස්ථාවක දී ම, සිය නායකන් පැරදවීමට පෙරට ආවේ, අන් රටවල ජනතාව ඒ ගැන සිතන්නටත් පෙර ය; බොහෝ පෙරය.
සිය අන්ත දූෂිත ක්‍රියා මාර්ගයන් හේතු කොට ගෙන පෙර නො වූ විරූ ලෙස ජනතාව පෙර කී නායකයන් ව පිළිකුල් කරන තත්ත්වයේදී පවා, එම ජනතාවන්ට ඇති මූලික ම ප්‍රශ්නය වන්නේ තමන්ගේ ඡන්දය මාලිමාවට දීමෙන්, තමන්ගේ පාරම්පරික සතුරු කඳවුර බලයට ඒවි ද යන්න ය. අර ඊනියා වම්මුන් සහ ලිබරලුන් ගසා ගෙන කන්නේ එම ජනතාවගේ එම සාධාරණ භීතියයි.ලොව අන් රටවල එහෙම වුනාට මෙහේ එහෙම වන්නේ නැතැ යි මොවුන් කියන්නේ මෙරට ජනතාව එම රටවල ජනතාව මෙන් නො ව අමු මෝඩයන් ය යන සිය බක පණ්ඩිත උද්ධච්ඡ ස්ථාවරයේ පිහිටා ය. මෙරට ජනතාව, කිසිදා පෙරළන්නට බැරි යැයි මවා පෑ ආණ්ඩු එකක් නො ව සියල්ල ම වරින් වර පෙරළා දැමුවේ නිකම් නොව තුනෙන් දෙක, හයෙන් පහක බහුතරයන් ද ලබා දෙමිනි.තවත් බොහෝ දේ ද කර ඇත.
ඒ අනුව ලෝක ප්‍රවනතාව ද ජනතාවගේ අවධානයට යොමු කරමින් එම ජනතාව මේ පක්ෂවලට එරෙහි ව යොමු කිරීමට සිය පූර්ණ ශක්තිය යොමු කරනු වෙනුවට, අර පක්ෂවලට ජනතාව සදා ගාල් කිරිමට මොවුහු සිය ශක්තිය යොමු කරමින් සිටිති; සජිත්ගේ ගොන් කතා හෙළි කරනු වෙනුවට එම ගොන් කතා 'සජිත් ආගමක්" වී" ඇති බව තහවුරු කෙකෙන් සාක්ෂි ද ලෙස සමහර චින්තකයෝ හුවා දක්වති. තමන්ගේ ගැලවුම්කරුට විරුද්ධවන්නවුන් අනෙකා බලයට ගෙන ඒමට ක්‍රියා කරන්නවුන් බවට, අර හම්පඩ ගැහුණ ස්ටලින්වාදී මඩ ගැසීම පෙර නොවූ විරූ ප්‍රමාණයකින් පහරමින් සිටිති. තමන්ගේධනේශ්වර-ගැති ප්‍රතිපත්ති සාධාරණීකරණය කර ගැනීමට ගෝඨාභය ජනපති වීමෙන් දියත් වන සැබෑ තර්ජනය පිටුපස මොවුහු සැඟවෙති.
මාක්ස්වාදීන් සිය මැතිවරණ උපක්‍රම සකස් කර ගත යුත්තේ තම තමන්ට පෞද්ගලිකව එල්ල විය හැකි හෝ එල්ල වේ යැ යි සිතින් මවා ගත් හෝ තර්ජන ගර්ජන මත නො ව, මැතිවරණයක් පැවත්වෙන සමයේ පවත්නා සියලු දේශපාලනමය, ආර්ථිකමය සහ අනෙකුත් කරුණු සැලකිල්ලට ගනිමිනි; බලයට පත් වන තැනැත්තාට ක්‍රියාත්මක වීමට සිදුවන ජාතිකමය සහ ජාත්‍යන්තරමය දේශපාලන තත්ත්වයන් සැලකිල්ලට ගනිමිනි. ගෝඨාභයගේ මර්දනය හුවා දක්වන අතර ඔහුට නොදෙවෙනි පසුබිමක් සහිත සරත් ෆොන්සේකාත් කෙළින් කර ගෙන, නීතියෙන් පිටත ත්‍රස්තවාදීන් වැනසීමේ ක්‍රියාන්විතයන් සකසා ගෙන ඇති ,වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ඒකාධිපති විභවයකින් යුතු සජිත් ප්‍රෙමදාස ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස පින්තාරු කරමින් නො වේ.
මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන, යූඇන්පී-පොහොට්ටු-ශ්‍රිලනිප සාම්ප්‍රදායික පක්ෂ පරදවා ලීමට ලැබී ඇති ස්වර්ණමය අවස්ථාව උපරීමයෙන් යොදා ගත යුතු ය; එය කළ යුතු බව සහ කළ හැකි බවට ජනතාව තුළ විශ්වාසය ස්ථාපිත කළ යුතු ය.ජය ගන්නේ ගෝඨා හෝ සජිත් හෝ බවට මතුපිටින් පෙනෙන දෙය පුනරුච්චාරණය කිරීමේත් එය වෙනස් කිරීමට තැත් කිරීම දවල් හීනයක් ලෙස හුවා දැක්වීමේත් අන්ත බංකොලොත් දේශපාලනය වෙනුවට , එය වෙනස් කළ යුතු බව සහ වෙනස් කළ හැකි බව ජනතාවට ඒත්තු ගැන්වීමට සිය සියලු ශක්තිය යෙදිය යුතු ය.සජිත් සහ ගෝඨා ඉදිරි සති දෙක තුළ දී කිරීමට නියමිත සියලු තක්කඩි ප්‍රකාශයන් හෙළිදරව් කරමින් ඔවුන් පරාජය කිරීමේ අවශ්‍යතාව ජනතාව හමුවේ දිගින් දිගට ම තහවුරු කළ යුතු ය. ඒ අනුව දේශපාලන බලතුලනයේ බරපතළ වෙනසක් ඇති කිරීමට තුඩු දෙන ප්‍රතිඵලයක් ඇති කර ගනු පිණිස, මෙම ජනපතිවරණයේ දී සජිත්-ගෝඨාය දෙදෙනා ම පරාජය කිරීම සදහා ජාතික ජන බලවේගය යොදා ගැනීම හැර අන් විකල්පයක් නැත. එම අරමුණින් යුතු ජනතාව එක්ව සිටින්නේ ඒ වටා ය. ඒ අනුව එහි අපේක්ෂක අනුර කුමාර දිසානායක ජය ගැන්වීම සදහා මාලිමාව ඉදිරියෙන් කතිරය ගසන මෙන් සියලු ම ජනතාවගෙන් ඉල්ලා සිටිමු.ඔවුන්ගේ දේශපාලනයට අපේ ඇති බරපතළ විවේචනයන් නොතකා , මාලිමාවට චන්දය දෙන ලෙස අප ඉල්ලා සිටින්නේ, ඒ විවේචන අත්හැර නො ව, එම විවේචන නොතකමිනි.සජිත් සහ ගෝඨාභය දෙදෙනා ම පැරදවීමට නම් ඔබට ද ඒ හැර අන් මාවතක් නැත.
2019 ජනාධිපතිවරණය
ඔබට කිරීමට සිදු ව ඇත්තේ කුමක් ද?
ඔබට කිරීමට සිදු ව ඇත්තේ කුමක් ද?
2019 නොවැම්බර් 16 දා පැවැත්වෙන ජනාධිපතිවරණය ශ්‍රි ලංකාවට අතිශයින් ම තීරණාත්මක වේ.ඒ අන් සියල්ලටමත් වඩා, වසර 71 පුරාවට වරින් වර, මාරුවෙන් මාරුවට මෙරට පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙක පාලන බලයෙන් ඉවත් කිරීමට ස්වර්ණමය අවස්ථාවක් ජාතිකමය සහ ජාත්‍යන්තරමය තත්ත්වයන් මත උදා ව තිබීම නිසා ය.එම අවස්ථාව පැහැර හැරිය හොත්, මතු වන දෙශපාලනමය බලවේග දෙකෙන් කවරක් බලයට පත් වුවත්, ඉන් රටට සහ ජනතාවට අත් වීමට නියමිත ආනිසංශයන් අනුව ද එය තීරණත්මක වේ;වහෙන් ඔරෝ නැතිව පටන් ගැන්මේදී ම කිව හොත් , එකෙක් බලයට පත් වුව හොත් ඔහුගේ මුළු ආත්මයට ම ගැලපෙන අන්දමේ මිලිටරිමය එකාධිපතිත්වයකට රට නතු කෙරෙනු ඇත; අනෙකා බලයට පත් වුව හොත්, ඔහු දී ඇති පොරොන්දුවල බරින් ම රට කිඳා බැස, සිනා සාගරයක් මැද පියාණන්ගෙන් පසු පුතාණන්ගේ දෙවැනි "වන් මෑන් ෂෝ" එක රට ම ගිල ගන්නවා ඇත.
ගෝඨාභය ගේ පාලනය කෙවැනි විය හැකි ද යන්න,මහින්ද සමයේ ඔහු ආරක්ෂක ලේකම් වශයෙන් ගෙන ගියා වූ මීනීමරු චෞර පාලනයේ වාර්තාව මගින් කල් තියා කිසිදු සැකයකට ඉඩ නොතබා රටට ම අනතුරු දක්වනු ලැබ ඇත . නොවැම්බර් 17 දා ම සියලු රණවිරුවන් නිදහස් කරන බව මහ දවල් ලොවට ම ඇසෙන සේ ඔහු කියා පෑවේ , අදාළ එක ම අයකු හෝ සිර ගත කරනු ලැබ ඇත්තේ යුද ක්‍රියාවන් සම්බන්ධයෙන් නො ව මිනීමැරුම්,පැහැර ගෙන යෑම් ඇතුළු රටේ සාමාන්‍ය නීතිය යටතේ දඩුවම් ලැබිය යුතු සාපරාධී ක්‍රියාවන් සම්බන්ධයෙන් බව මුළු රට ම දැන සිටිය දී ය. අධිකරණ ක්‍රියාවලිය පවා ජනපතිගේ ග්‍රහණයට ගැනීමට ඡන්ද ප්‍රතිපල නිකුත් කර අවසන් වීමටත් පෙර ම ක්‍රියා කිරීමට දැන් සිටම අමුඩ ගසන අයකුගෙන් නීතිගරුක රටක් අපේක්ෂා කිරිමට යමෙක් කෙතරම් මෝඩ විය යුතු ද?බලය නැතිව සිටිය දී පවා, තමාට එරෙහි එක ම නඩුවකටවත් මුහුණ නො දී ඒවායින් ගැලවීමට නා නා ප්‍රකාර නීතිමය දහංගැට ගැසූ අයකු, බලයට පත් වූ පසු නීති ගරුක රටක් ඇති කරනු ඇත්තේ, තමාට සහ තම මිනීමරු චෞර නඩයට එරෙහි නඩු එහෙම පිටින් ම ඉවත් කර ගෙන, මං සුදනා වීමේ ක්‍රමයට බව අටුවා ටීකා ටිප්පනී ඇති ව විස්තර කළ යුතු ද? ඔහු එළි බස්සවා ඇති එක ම ප්‍රකාශනයකවත් මානව හිමිකම් පුළුල් කරන බවක් තබා, දැනට තිබෙන මානව අයිතීන් සුරක්ෂිත කරන බවක්වත් සදහන් නොකරන්නේ හුදු සබකෝළය නිසා නො ව , ඒවා ඔහුට අරහං නිසා ය.ගෝටාභයට ඡන්දය දෙන අයට සිදු වන්නේ , අතීත සිරිසඟබෝට සිදුවූවාක් මෙන් සියතින් ම මුළු රටේම බෙල්ල කපා දන් දීමට ය!
ගෝඨාභයට එරෙහිව තරග කරන සාම්ප්‍රදායික ප්‍රධාන පක්ෂයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස තමා රටක් පලනය කිරීමට කිසිසේත් ම සුදුසු නැත්තකු බව තමන්ගේ ම ශ්‍රී මුඛයෙන් මේ වන විටත් වදාරා හමාර බව අමුතුවෙන් කිව යුතු නැත. යන යන තැන සිටින ජනතාව ඇන්දවීමට උචිත වේ යැයි සිතෙන පොරොන්දු පිට පොරොන්දු ලවක් දෙවක් නැතිව ප්‍රතිරාවය කිරීමෙන් හෙළිදරව් වන ප්‍රධාන ම කරුණ වන්නේ ඔහු මෙරට ජනතාව අමු මුග්ධයන් ලෙස සලකන බව ය.රටේ ආර්ථිකය අබමල් රේණුවක තරමින් ඉහළ දැමීම පසෙක තිබිය දී පවත්නා තත්ත්වයේවත් තබා ගැනීමට පවා ඉඩ නො තබන, ඊට හාත්පසින් ම ප්‍රතිවිරුද්ධ ලෙස ආර්ථිකය එහෙම පිටින් ම ඇද වැට්ටවීමට පමණක් තුඩු දෙන මෙවන් පොරොන්දු කන්දරාවක් දෙන්නේ, තමා මේ තාක් ඇමතියකු ව සිටි ආණ්ඩුව ජනතාව මත බදු පිට බදු පැට වූ, බොරු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළ කසිකබල් ආණ්ඩුවක් බව කියන නායකයෙකි.රටකට අවශ්‍ය වන්නේ නිදා නොගන්නා නායකයකු නො ව, ඔහු කුම්භකර්ණයා සේ නිදා ගත්තත් රටේ කටයුතු සුමට ව සිදු වන කාර්යක්ෂ්ම යාන්ත්‍රණයක් බවවත් නොතේරෙන අඳ බාලයකු ජනපති කිරීමෙන් රටකට වන යහපතක් නැත; ඔහු නිදා ගත් සැණින් රටම කොට උඩ යනු ඇත .
මොහු රටේ ආරක්ෂාව ඇති කිරීමට ප්‍රමුඛස්ථානය දෙන බව කියන්නේ ඒ බව ම පුන පුනා කියන ගෝඨාභය සමග කරට කර තරග කරමිනි. යුද ජයග්‍රහණයේ අයිතිකරු තමා බව කියන ගෝඨාභය තමා ජනපති වීම මගින් ම රටේ ආරක්ෂාව තහවුරු වන බව කියන අතර , සජිත් කියන්නේ තමා එය කරන්නේ, එය කිරීමට සමත් එකම ජගතා වන සරත් ෆොන්සේකා ආරක්ෂක ඇමති බවට පත් කරන බව කියමිනි.අගමැති ව නම් නොකිරීමට අතේ පත්තුවන බේගල් තර්ක ගෙනහැර පාන මොහු දැනටමත් තම ආරක්ෂක ඇමති ව නම් නම් කර ඇත්තේ, මෙය ජනපතිවරණයක් මිස ආරක්ෂක ඇමති පත් කිරීමේ තරගයක් නොවන බව සහමුලින් ම අමතක කරමිනි ;මේ තරම් කෙළිකාරයකු සිටිය දී ඔහු ව එයට පත් කිරීම දිගින් දිගට ම ප්‍රතික්ෂේප කළ සහ තවමත් කරන ජනාධිපති සිරිසේනට එරෙහි ව එදා මෙදා තුර වචන මාත්‍රයකුදු සිය ශ්‍රී මුඛයෙන් පිට නො කළ සජිත් , සරත් ෆොන්සේකාට මේ පිදේනිය දෙන්න පෙරට පැන්නේ සරත් ෆොන්සේකා තමාට එරෙහිව අනික් පැත්තට පැනීම වළක්වා ගැනීමේ අන්ත පටු අරමුණ ඇතිව බව, ෆොන්සේකා එල්ල කළ සජිත්-විරෝධී වාග් ප්‍රහාරයන් දන්නා කිසිවකුට රහසක් නො වේ.එක් පුද්ගලයකු මගින්, ඔහු කෙතරම් කෙළිකාරයකු වුවත් , රටේ ආරක්ෂාව සුරක්ෂිත කළ හැකි ය යන මිත්‍යාව ම , මොවුනට රටේ ආරක්ෂාව පිළිබද ඇත්තේ කෙවන් වූ බංකොළොත් ආකල්පයක් ද යන්න මනාව පැහැදිලි කර දෙයි. මේ දෙදෙනා ම කරන්නේ, වසර 70ට අධික කාලයක් මුළුල්ලේ මේ පක්ෂ නායකයන් දුන් දහසකුත් එකක් බොරු පොරොන්දු ,හැකි වඩාත් ම ඉහළ මට්ටමට ඔසවා තැබීම පමණක් බව අමුතුවෙන් කිව යුතු නැති තරම් ය.
මේ තත්වය තුළ දී ගෝඨා වෙනුවට සජිත් හෝ සජිත් වෙනුවට ගෝඨා හෝ ගෙන ඒම කිසියම් ම අයුරෙකින් විසදුමක් තබා විසඳුමක් දෙසට එක් පියවරක් හෝ තැබීමක් නොවන්නේ ය. ජනපතිවරණ වේදිකාව මත ඔවුන් කරන හැම පොරොන්දුවක් ම මගින් දිනපතා ම ඔවුන් ඔප්පු කරමින් සිටින්නේ රටේ ආර්ථිකයේ පවත්නා තත්ත්වය පිළිබද අතිශයින් ම මූලික සංඛ්‍යා ලේඛන ගැන ගැන පවා වගේ වගක් නැතිව බව , ඔවුන් දෙන කප්පරක් වූ බොරු පොරොන්දු අනුව ජනතාව තවදුරටත් තම තමන්ට ඒත්තු ගන්වා ගත යුතු ව ඇත. ඔබට ඒ පිළිබඳ මනා වැටහීමක් ඇති කර ගැනීමට උපකාරී වන දත්ත කීපයක් පහත දක්වමු .(මේ සියලු දත්ත 2018 මහ බැංකු වාර්තාවෙන් උපුටා ගැනුණි.)
* 2018අයවැයට අනුව පවත්වා ගැනීමට අපේක්ෂිත වූ අයවැය හිඟය සියයට 4.8 මට්ටම කරා ලඟා වීමට නොහැකි ව එය සියයට5.3 ක්ව තිබිය දී, බදු ද දිගට හරහට අඩු කොට ,දෙනවා යැයි කියන සහන කන්දරාව දුන් විට අයවැය හිඟය කොතනින් කෙළවර වේදැ යි කිසිවකුටත් සිතා ගත නොහැකි තරම් ය!
* 2017 දි රජයේ නොපියවූ ණය 2017 අවසානයට දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස පැවති සියයට 76.9 සිට 2018 වසර අවසානය වන විට සියයට 82.9 දක්වා වැඩිවී ඇති අතර, "ණය ගැනීමට බය නැති" මහා වීරයා වන මහින්ද රාජපක්ෂ රට උගසට තබමින් දිගට හරහට ගත් ණය විශාල ප්‍රමාණයක් ගෙවීමට සිදුව ඇත්තේ 2019 සහ 2020 දී වන නිසා එය තවත් විශාල ලෙස ඉහළ යාමට නියමිත ය.
* ශ්‍රී ලංකාවේ නොපියවූ මුළු විදේශීය ණය ප්‍රමාණය , ණය ගෙවීම් පිළිබද ව රනිල් වික්‍රමසිංහගේ සහ මංගල සමරවීරගේ පම්පෝරි නොතකමින්, 2017 දී තිබූ ඇමරිකන් ඩොලර් මිලියන 51604 සිට 2018 වසර අවසානය වන විට ඇමරිකන් ඩොලර් මිලියන 52310 දක්වා තවත් ඩොලර් මිලියන 706කින් ඉහළ ගියේය. ඒ අනුව මුළු රටේ ම නොපියවූ විදේශීය ණය දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතය ලෙස සියයා 58 .7 ක් විය.
*රජයේ මුළු ආදායමේ ප්‍රතිශතයක් ලෙස ණය (විදේශීය සහ දේශීය ණය) ආපසු ගෙවිම් 2017 වසරේ පැවති සියයට 87 සිට 2018 වසරේදී සියයට 108.8 දක්වා වැඩි වී ඇති අතර විදේශීය ණය ආපසු ගෙවීම් අපනයනවල ප්‍රතිශතයක් ලෙස 2017 පැවති සියයට 13.4 සිට සියයට 16.0 දක්වා වැඩි විය.
*අපනයන ආදායම් වර්ධන වේගයට වඩා ආනයන වියදම් වර්ධන වේගය ඉහළ යාම නිසා ඉතිහාසයේ පළමු වතාවට වෙළද හිඟය ඇමරිකන් ඩොලර් බිලියන 10 ද ඉක්මවා ඇත.
* ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය පවා ඇමරිකන් ඩොලර් 4102 දක්වා 2017 දී වූවාට වඩා අඩු වී ඇත.
*ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත තත්ත්වය 2017 දී වූ ඩොලර් බිලියන 8.0 සිට 2018 අවසානය වන විට ඩොලර් බිලියන 6.9 දක්වා ඩොලර් බිලියන එකකින් ම අඩු වී ඇත.එය දැන් ඉතිහාසයේ ප්‍රථම වතාවට බිලියන 10 ඉක්මවා ඇතැයි රනිල් පම්පෝරි ගහන්නේ , මහිදන්දලා පෙර කල කළාක් මෙන් රට උගසට තබා ගන්නා අලුත් ණය ද එකතු කරමින් විනා, රට ඉපයූ අලුත් ආදායම්වල පිහිටෙන් නො වේ .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අලුත් ම පුරෝකථනයන් අනුව මෙරට ආර්ථික වර්ධනය මේ වසරේ දි සියයට 1.7 වනු ඇත.
ආර්ථිකයේ පවතින එවන් දරුණු අයහපත් තත්වයක් යටතේ ,සජිත් සහ ගෝඨාභය එකිනෙකා පරයමින් දීමට සඵත කරන සහන පැකට්ටු හුදෙක් ම ජනතාවගේ ඇස් වලට පිරෙන්නට වැලි ගසා කෙසේ හෝ බලය සියතට ඩැහැ ගැනීමේ ඡන්ද ගුණ්ඩු මිස අනෙකක් නො වන බව ඒ අනුව ඉබේ ම පැහැදිලි වේ.(සමහර විට මේ තරම් අත දිග හැර පොරොන්දු දෙන්නේ මිලේනියම් ගිවිසුම මගින් රට උගසට තබා ඇමරිකන් අධිරාජ්‍යවාදී පප්පාගෙන් ලබා ගැනීමට අපේක්ෂිත ඩොලර කුට්ටිය යොදා ගෙන විය හැක.)
මේ පොරොන්දු එවන් දේ බව ජනතාවගෙන් අති විශාල බහුතරය අවබෝධ කර ගෙන අවසාන ය. ඒ අනුව දැන් පෙර නො වූ විරූ ලෙස මේ පක්ෂ සහ නායකයන් ජනතාවගේ පිළිකුලට සහ වෛරයට පාත්‍රව ඇත. නව මාවතක් විවර කර ගැනීමේ අවශ්‍යතාව ජනතාවගේ වඩ වඩාත් වැඩි වන කොටස් අතර දැවෙන අවශ්‍යතාවක් ලෙස මතු වෙමින් ඇත.
මොවුන් පරාජය කළ යුත්තේ කෙසේද යන ගැටළුවට විසඳුමක් ජනතාවට අවශ්‍ය ව ඇත.ජනාධිපතිවරණයේ දී මෙයට විසඳුම -එහි සීමිතකම් මොනවා වුවත්- සොයා ගත හැක්කේ, ඡන්ද පත්‍රිකාවේ සීමාව තුළ ය.සජිත්-ගෝඨාභය දෙදෙනා ම පරජය කිරීම පෙරදැරි කර ගත් ජනතාව එක් රොක්ව සිටින ප්‍රධාන ම බලවේගය බවට පත්ව සිටින ජාතික ජන බලවේගය මේ සදහා යොදා ගත හැකි එක ම උපකරණය බව බැලූ බැල්මට පමණක් නොව, වඩාත් ගැඹුරින් සලකා බැලූ විට ද ප්‍රතික්ෂේප නොකළ හැකි කරුණ බව පැහැදිලි වන්නේ ය. යූඇන්පී ආණ්ඩුව දිගින් දිගට ම බලයේ පවත්වා ගැනීම සිය සැබෑ දේශපාලනය කර ගත් ඊනියා වම්මු ද, ගෝඨාභයගේ ජයකින් මතු වන බිහිසුණු පාලනය පිළිබඳ සැබෑ බියකින් පසුවන විවිධාකාර වාම සහ ලිබරල් කොටස් ද ගෝඨාභය වෙතින් එල්ල වී ඇති සැබෑ තර්ජනය මත ම පදනම් වෙමින් අන් සියලු මූලික කරුණු යටපත් කිරීමට වෙර දරමින් ඇත.
එතෙකුදු වුවත් ගෝඨාභයගේ අනතුරින් ගැලවීමේ සටන යූඇන්පීයට හෝ සජිත්ට හෝ භාර දීමට ජනතාවට කිසි ම හේතුවක් නැත;කිසි ම පදනමක් ද නැත. 2015 සිට සජිත් ඇතුළු යූඇන්පී ආණ්ඩුව කළ ලොකු ම සාපරාධී ක්‍රියාව වූයේ කප්පරක් චෝදනා තිබූ මේ මිනීමරු ත්‍රාඩ රාජපක්ෂ කල්ලිය පණ ගසා ඒමට ඉඩ සලසා දීම ය; තම පක්ෂයේ ම ආණ්ඩුව කුමන්ත්‍රණකාරීව පෙරළා දමා, වෙන කවුරුන්වවත් නො ව මහින්ද රාජපක්ෂ ව ම අගමැති කිරීම සම්බන්ධයෙන් සිරිසේනට එරෙහි ව වචන මාත්‍රයකුදු සිය ශ්‍රී මුඛයෙන් වැදෑරීමට, 'මම සජිත්, මම සජිත්" යැයි තොරතෝන්චියක් නැති ව තප්පුලන මේ සජිත් ජනපතිවරණ කාල සීමාවේදීවත් මේ දක්වා ඉදිරිපත් ව නැත . එදා හොර අගමැති මහින්දගේ හොර පණිවුඩයක් රැගෙන රනිල් හමුවීමට අරලියගහ මන්දිරයට පැමිණියේ මෙම ගෝඨාභය ම වූ නමුත්, එහි දී මේ හිට්ලර් කීවේ කිමැයි මේ හිට්ලර් -විරෝධීන් රනිල්ගෙන් විමසුවේ නැත; ජනතාවට කීවේ ද නැත;කියන්නේ ද නැත; කියන ලෙස රනිල්ට බල කළේ ද නැත. කරන්නේ ද නැත. සජිත් සිය ශ්‍රී මුඛයෙන් ම වදාරනු ලැබුවේ තමා අගමැතිකම 71 වතාවක් ම ප්‍රතික්ෂේප කළ බවය. එසේ නම් එය දීමට තැත් කළේ සිරිසේන විය යුතු වූ අතර, එහෙව් කුමන්ත්‍රණයක් කළ සිරිසේනට විශ්‍රාම මාලිගාවක් දීමේ යූඇන්පී ආණ්ඩුවේ නීච යෝජනාවට අබමල් රේණුවක විරෝධය පෑවේ ද නැත. ඒ අනුව ගෝඨා බියෙන් රට මුදවා ගැනීමට සජිත් රජ පුටුවේ තැන්පත් කරවීමට මේ ඊනියා වම්මුන් සහ ලිබරලයන් ගන්නා වියරු තැත , ගෝඨා සහ සජිත් යන දෙදෙනා ම පරාජය කොට දේශපාලන බලතුලනයේ බලගතු වෙනසක් ඇති කිරීමට ජනතාව යොමු කර ගැනීමට ඉතිහාසය විසින් ලබා දී ඇති මෙම ස්වර්ණමය අවස්ථා ලත් තැන ම ලොප් කිරීමේ අන්ත ප්‍රතිගාමී වූවක් වේ. පසුගිය කාලය මුළුල්ලේම යූඇන්පීය සමග එක පතේ කමින් සිටි මොවුන් ,එම ආණ්ඩුවේ මේස පල්ලෙන් වැටෙන අවුළුපත් මත යැපෙමින් තවදුරටත් තමන් ද රාජ්‍ය බලයේ රස විදීමට ගන්නා මේ දීන ප්‍රයත්නය සාධාරණීකරණය කර ගැනීමට , කෂඩ ලිබ්බරලුන් අතලොස්සක් ද සමගින් එකව දරන මේ ප්‍රයත්නය, ගෝඨා පැරද්වීමේ එක ම ප්‍රායෝගික ක්‍රියා මාර්ගය බව පිළිගන්නේ නම්, මෙවන් වාසිදායක තත්ත්වයක් කොහෙත් ම නොතිබූ අතීතයේ දී වාමාංශිකයන් ස්වාධීන ව ජනපතිවරණයන්ට මැදිහත් වීමට ගත් සියලු ප්‍රයත්නයන් ද "පොදු සතුරාට" ආධාර කළ "ප්‍රායෝගික නොවන" ක්‍රියා මාර්ගයන් ලෙස හෙළා දැකීමට සිදු වනු ඇත.ඉදිරියේ දී ද ජනතාව යූඇන්පීයෙන් තොර මාවතකට යොමු කිරීම නොකළ යුත්තක් බවට පත් කරනු ඇත.
මොවුන් යූඇන්පීය සදා කල් බලයේ රදවා ගැනීමේ සිය පිළිවෙත ගෙන යෑමෙන් නතර නො වී, අර දෙන්නාට ම විරුද්ධ ව තරග කිරීම ගෝඨාට සහාය දීමක් ලෙස මඩ ගැසීමට ද ඉදිරිපත් ව ඇත.
මෙවැන්නන්ට රැවටුනා නම්, පසුගිය වසර කීපය තුළ සිය සාම්ප්‍රදායික පක්ෂ සහ නායකයන් දේශපාලන වේදිකාවෙන් චුත කිරීමට පෙරට ආ රටවල් තවමත් පාලනය කරන්නේ හිටපු පාලකයන් ම ය.සිය සාම්ප්‍රදායික පක්ෂ පරාජය කිරීමේ මෙම ජාත්‍යන්තර ප්‍රවාහය සමග එක් වෙමින්, ශ්‍රී ලංකාවේ ජනතාව මත ආධිපත්‍යය දරා ගෙන සිටි පක්ෂ /සන්ධාන පරාජය කිරීමට මොවුන් දක්වන මාරක විරෝධය , ඔවුන්ගේ පටු පෞද්ගලික අවශ්‍යතාවන් ගැන සලකන කල කිසිසේත් ම පුදුමයට කරුණක් නො වේ. මේ පක්ෂවලට ඡන්දය දෙන ජනතාව, තමන්ගේ පාක්ෂික සීමාවන් තුළ තමන්ට ඉඩක් ලැබුණ හැම අවස්ථාවක දී ම, සිය නායකන් පැරදවීමට පෙරට ආවේ, අන් රටවල ජනතාව ඒ ගැන සිතන්නටත් පෙර ය; බොහෝ පෙරය.
සිය අන්ත දූෂිත ක්‍රියා මාර්ගයන් හේතු කොට ගෙන පෙර නො වූ විරූ ලෙස ජනතාව පෙර කී නායකයන් ව පිළිකුල් කරන තත්ත්වයේදී පවා, එම ජනතාවන්ට ඇති මූලික ම ප්‍රශ්නය වන්නේ තමන්ගේ ඡන්දය මාලිමාවට දීමෙන්, තමන්ගේ පාරම්පරික සතුරු කඳවුර බලයට ඒවි ද යන්න ය. අර ඊනියා වම්මුන් සහ ලිබරලුන් ගසා ගෙන කන්නේ එම ජනතාවගේ එම සාධාරණ භීතියයි.ලොව අන් රටවල එහෙම වුනාට මෙහේ එහෙම වන්නේ නැතැ යි මොවුන් කියන්නේ මෙරට ජනතාව එම රටවල ජනතාව මෙන් නො ව අමු මෝඩයන් ය යන සිය බක පණ්ඩිත උද්ධච්ඡ ස්ථාවරයේ පිහිටා ය. මෙරට ජනතාව, කිසිදා පෙරළන්නට බැරි යැයි මවා පෑ ආණ්ඩු එකක් නො ව සියල්ල ම වරින් වර පෙරළා දැමුවේ නිකම් නොව තුනෙන් දෙක, හයෙන් පහක බහුතරයන් ද ලබා දෙමිනි.තවත් බොහෝ දේ ද කර ඇත.
ඒ අනුව ලෝක ප්‍රවනතාව ද ජනතාවගේ අවධානයට යොමු කරමින් එම ජනතාව මේ පක්ෂවලට එරෙහි ව යොමු කිරීමට සිය පූර්ණ ශක්තිය යොමු කරනු වෙනුවට, අර පක්ෂවලට ජනතාව සදා ගාල් කිරිමට මොවුහු සිය ශක්තිය යොමු කරමින් සිටිති; සජිත්ගේ ගොන් කතා හෙළි කරනු වෙනුවට එම ගොන් කතා 'සජිත් ආගමක්" වී" ඇති බව තහවුරු කෙකෙන් සාක්ෂි ද ලෙස සමහර චින්තකයෝ හුවා දක්වති. තමන්ගේ ගැලවුම්කරුට විරුද්ධවන්නවුන් අනෙකා බලයට ගෙන ඒමට ක්‍රියා කරන්නවුන් බවට, අර හම්පඩ ගැහුණ ස්ටලින්වාදී මඩ ගැසීම පෙර නොවූ විරූ ප්‍රමාණයකින් පහරමින් සිටිති. තමන්ගේධනේශ්වර-ගැති ප්‍රතිපත්ති සාධාරණීකරණය කර ගැනීමට ගෝඨාභය ජනපති වීමෙන් දියත් වන සැබෑ තර්ජනය පිටුපස මොවුහු සැඟවෙති.
මාක්ස්වාදීන් සිය මැතිවරණ උපක්‍රම සකස් කර ගත යුත්තේ තම තමන්ට පෞද්ගලිකව එල්ල විය හැකි හෝ එල්ල වේ යැ යි සිතින් මවා ගත් හෝ තර්ජන ගර්ජන මත නො ව, මැතිවරණයක් පැවත්වෙන සමයේ පවත්නා සියලු දේශපාලනමය, ආර්ථිකමය සහ අනෙකුත් කරුණු සැලකිල්ලට ගනිමිනි; බලයට පත් වන තැනැත්තාට ක්‍රියාත්මක වීමට සිදුවන ජාතිකමය සහ ජාත්‍යන්තරමය දේශපාලන තත්ත්වයන් සැලකිල්ලට ගනිමිනි. ගෝඨාභයගේ මර්දනය හුවා දක්වන අතර ඔහුට නොදෙවෙනි පසුබිමක් සහිත සරත් ෆොන්සේකාත් කෙළින් කර ගෙන, නීතියෙන් පිටත ත්‍රස්තවාදීන් වැනසීමේ ක්‍රියාන්විතයන් සකසා ගෙන ඇති ,වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ඒකාධිපති විභවයකින් යුතු සජිත් ප්‍රෙමදාස ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස පින්තාරු කරමින් නො වේ.
මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන, යූඇන්පී-පොහොට්ටු-ශ්‍රිලනිප සාම්ප්‍රදායික පක්ෂ පරදවා ලීමට ලැබී ඇති ස්වර්ණමය අවස්ථාව උපරීමයෙන් යොදා ගත යුතු ය; එය කළ යුතු බව සහ කළ හැකි බවට ජනතාව තුළ විශ්වාසය ස්ථාපිත කළ යුතු ය.ජය ගන්නේ ගෝඨා හෝ සජිත් හෝ බවට මතුපිටින් පෙනෙන දෙය පුනරුච්චාරණය කිරීමේත් එය වෙනස් කිරීමට තැත් කිරීම දවල් හීනයක් ලෙස හුවා දැක්වීමේත් අන්ත බංකොලොත් දේශපාලනය වෙනුවට , එය වෙනස් කළ යුතු බව සහ වෙනස් කළ හැකි බව ජනතාවට ඒත්තු ගැන්වීමට සිය සියලු ශක්තිය යෙදිය යුතු ය.සජිත් සහ ගෝඨා ඉදිරි සති දෙක තුළ දී කිරීමට නියමිත සියලු තක්කඩි ප්‍රකාශයන් හෙළිදරව් කරමින් ඔවුන් පරාජය කිරීමේ අවශ්‍යතාව ජනතාව හමුවේ දිගින් දිගට ම තහවුරු කළ යුතු ය. ඒ අනුව දේශපාලන බලතුලනයේ බරපතළ වෙනසක් ඇති කිරීමට තුඩු දෙන ප්‍රතිඵලයක් ඇති කර ගනු පිණිස, මෙම ජනපතිවරණයේ දී සජිත්-ගෝඨාය දෙදෙනා ම පරාජය කිරීම සදහා ජාතික ජන බලවේගය යොදා ගැනීම හැර අන් විකල්පයක් නැත. එම අරමුණින් යුතු ජනතාව එක්ව සිටින්නේ ඒ වටා ය. ඒ අනුව එහි අපේක්ෂක අනුර කුමාර දිසානායක ජය ගැන්වීම සදහා මාලිමාව ඉදිරියෙන් කතිරය ගසන මෙන් සියලු ම ජනතාවගෙන් ඉල්ලා සිටිමු.ඔවුන්ගේ දේශපාලනයට අපේ ඇති බරපතළ විවේචනයන් නොතකා , මාලිමාවට චන්දය දෙන ලෙස අප ඉල්ලා සිටින්නේ, ඒ විවේචන අත්හැර නො ව, එම විවේචන නොතකමිනි.සජිත් සහ ගෝඨාභය දෙදෙනා ම පැරදවීමට නම් ඔබට ද ඒ හැර අන් මාවතක් නැත.
Comments
Post a Comment