Corona and Biological weapon 

 
People all over the world speculate whether the Corona virus has anything to do with the biological warfare .Although there is  no evidence  to suggest that it is so , it is the practice of certain element whose sympathies are with certain countries to accuse the enemies or competitors of the relevant country  of using such a biological weapon ..Although it is  preposterous  to accuse any country  of such a dastardly  crime without any evidence, the fact remains  that notwithstanding all  the international  treaties  some countries are experimenting in such weapons.The experimentation and production  of biological weapons has its own history., although the revealed facts are meager.  It is in the context of present corona pandemic that it is very relevant to refer a book which  reveals with facts , certain facets of such  a history...When almost  the whole world is lockeddown in an an unprecedented  way ,when no one can go to a library, I thought it  of immense importance to acquaint the people of a certain page of a book written by two prominent British journalists - Tom Mangold & Jeff Goldberg .While it is totally wrong to make aspersion on any nation on the basis of it., it  indeed is  astonishing  that the scenario depicted in this page is fully in line with the devastation unfolding at the moment throughout the world. It should be remembered that this was write  in 1999, full 2 decades before the appearance of  Almighty Corona Virus!









මේ දිනවල කොරෝනාව ජීව විද්යාත්මක අවියක්ද? එය කාගේද යන ප්රශ්නය දස දෙසින් නැගෙමින් ඇත.ඒ ගැන කියන්නට තවමත් සැබෑ සාක්කි නැත.ජීව විද්යාත්මක අවි නිපයීමට, එය ම සතු වූ ඉතිහාසයක් ඇත 1915 තරම් ඈත දී ජර්මන්හමුදා එය පවිච්චි කළ අතර ,එතැන් සිට විවිධ රටවල් ඒ පිළිබඳ අත්හදා බැලීම් කළේ ය.පසු කලෙක ඒවා සෑදීම සහ පාවිච්චි කිරීම ජාත්යන්තර සම්මුති මගින් තහනම් කෙරිණි .එහෙත් හොර රහසේ ඒවා කරන බැව් අමුතුවෙන් කිව යුතු නොවේ. පහත පළ වනුයේ අනතුරක් හේතු කොට ගෙන හෙළිදරව් වී, පසු කලක නිල වශයෙන් ම පිළිගැනුණ එවන් සිද්ධියකට පසු, සෝවියට් සංගමයෙන් බ්රිතාන්යයට පලා ගිය එම කටයුතුවල් නියැළුණ අයකු විසින් කළ හෙළිදරව්වකි.වත්මන් කොරෝනා වසංගතයේ පසුබිම තුළ එය වඩාත් ලොමුදහැගැන්වෙනසුලු ය.

"පෙසෙචික්ගේ කතන්දරයේ වැඩි විස්තර ලොමුදැහැගන්වනසුලු වූයේ ය.
1984 පටන් ලෙනින්ග්රෑඩයේ තිබූ සිය පැරණි ආයතනයේ විද්යාඤ්ඤයන්ගේ ඉහළ ම ප්රමුඛතාවක් වූයේ , පෙර කවරදාටත් වඩා මාරාන්තික වූත් උෂ්ණත්වයට,ශීතලට සහ ප්රතිජීවක ඖෂධවලට ප්රතිරෝධය දක්වන්නා වූත් Plague සහ Tularaemia ඇතුළු බැක්ටීරියාවන් වර්ධනය කිරීම බැව් ඔහු සිය බ්රිතාන්ය පරීක්ෂකවරුන් හට අනාවරණය කළේ ය.එය විශේෂ වශයෙන් සකස් කළ ද්රාවනයන්ගෙන් පුරවාලූ ෆ්ලාස්ක් තුළ වගා කිරීම මගින් සහ එම ක්රියාවලිය යළි යළිත් කිරීම මගින්, දැනට ප්රකටව ඇති සියලු බටහිර ඖෂධවලට ප්රතිරෝධය දැක්වීමට මෙම බැක්ටීරියාවට හැකි කරලීමට ඔවූහු සමත් වූහ.එමගින් ඇතිකෙරෙන සුපර් වසංගතයට ප්රතිවිෂ මගින් ප්රතිප්රහාර දැක්විය හැකි කර ගැනීමට සෝවියට් විද්යාඤ්ඤයෝ වග බලා ගත්හ..ඒවා අයත්ව තිබුණේ සෝවියට් මිලිටරියට පමණි.ඒ අයුරින් , සතුරු භටයන් අනාරක්ෂිත ව සිටින අතර තුර, තම හමුදා භටයන් එන්නත් කිරීමට ඔවුනට හැකි විය.මෙම වසංගතය සෝවියට්වරුන්ගේ තෝරා ගත් අවිය විය.මක්නිසා ද යත්,එය මාරාන්තික වූ නිසා සහ පුද්ගලයකුගෙන් පුද්ගලයකුට බෝකළ හැකි වූ නිසා ය.
මෙම කතාව නන්නත්තාර කරනසුලු වූයේ ය ය. පලා ආ තැනැත්තා කියමින් සිටියේ, , එයට එරෙහිව ආරක්ෂාවක් නොතිබූ, මූලෝපායික ජීව විද්යාත්මක අවි ගබඩාවක් සෝවියවරුන් නිර්මාණය කර ඇති බව ය. එය කාර්මික ලෝකය මධ්යකාලීන යුගයට - අසුන්ගේ සහ බරකරත්ත ආර්ථිකයකට- ආපසු ගෙන යනු ඇත. , මළවුන් භූමදාන කිරීමට ප්රමාණවත් තරම් ප්රමාණවත් මිනිසුන් ස්ථිර වශයෙන් ම නොසිටිනු ඇත.
... මෙම කුඩු ස්වල්පයක් කුඩා නගරයක ජනගනයෙන් අඩක් ම සතියක් තුළ දී වනසා දැමිය හැකි යැයි ඔහු අනතුරු හැඟවීය.යුරෝපයේ ජනගහනයෙන් අඩක් ම මැක්කන් විසින් පතුරුවනු ලැබූ වසංගතයකින් මරා දැමුණ දාහතර වැනි සියවසේ කළු මරණයේ (Black Death) බියකරු සිද්ධීන් මනුෂ්ය වර්ගයාට හඳුන්වා දෙනු ලබනවා ඇත.
(Plague Wars -Tom Mangold and Jeff Goldberg- p.93)

Comments

Popular posts from this blog

MARX, ENGELS, LENIN, TROTSKY - IN THEIR OWN WORDS