UKRAINE

 පුටින් සිය පරම අභිමතය පරිදි ඉපැරණි සාර් රජවරුන් අනුව යමින් යුක්රේනය ආක්රමණය කොට අදට හරියට ම වසරකි. ඩොනල්ඩ් ට්රම්ප්ගේ සහයෙන් සුම්මා පිට යුක්රේනය අල්ලා ගැනීමට ගැසූ සැලසුම සාර්ථක කර ගැනීම ට්රම්ප්ගේ පරජයෙන් පසු බකල් වී යාමේ සම්භාවිතාව බින්දුට ම බැස තිබුණ ද එය නොතකා දින තුනකින් යුක්රේනය අල්ලා ගැනීමේ ආක්රමණය වසරකිනුත් ඉටු කර ගත නොහැකිව තිබියදී, පසුගිය දිනෙක පැවති උත්සවයක දී පුටින් කියා සිටියේ යුක්රේනය රුසියාවේ අඛණඩ භූමියක් වන හෙයින්, එය අල්ලා ගැනීමේ සැලසුම කිසිදා අත් නොහරින බව ය. ඒ අනුව අවම වශයෙන් 2024 යළි ට්රම්ප් බලයට පත් වන තෙක් යුද්ධය දිගට ම පවත්වා ගෙන යාමට නූතන සාර් ඕනෑ ම අපරාධයක් කිරීම දැක බලා ගැනීමට ලොවට සිදු වනු ඇත. ඒ, ඔහුව බලයෙන් පහ කිරීම උදෙසා රුසියානු ජනතාව වීදි නොබසින තාක් ය. ඒ අනුව යුක්රේනයේ යටිතල පහසුකම් දෛනික ව සුන් බුන් කර දැමීමේ සහ සිවිල් ජනතාව ද ඒ අතරතුර මරා දැමීමේ පුටින් ම්ලේච්ඡයාගේ වැඩකිඩවලින් උද්දාමයට පත් වීමේ අවස්ථාව, පුටින් සාර් තුමාගේ ශ්රී ලාංකික වහල් නඩයට අවස්ථාව උදා වනු ඇත. ජාතියක් සුන්නත්දූලිකර දැමීමේ පුටින්ගේ මේ සාපරාධී යුද්ධයර වසර 170ට පෙර, එනම් 1853 දී පරණ සාර් කෙනකු ද සම්බන්ධ වී දියත් කළ ක්රිමියානු යුද්ධය ගැන එක්තරා ඉතිහාස පොතක සඳහන් පහත දැක්වෙන ඡේදය පූර්වාපර සබඳතා ගලපා ගැනීම සඳහා කාට කාටත් මාහැඟි ආධාරකයක් වනු ඇත. (වෙනසකට ඇත්තේ ඇමරිකාව නොසිටීම පමණි.)

"වියෙනාවේ දී ස්ථාපිත කෙරුණ රාජ්ය පද්ධතියට බාධා කළේ ක්රිමියානු යුද්ධයයි. ඒ, එක් පසෙකින් රුසියාව ද අනෙක් පසින් බ්රිතාන්යය, ප්රංශය සහ තුර්කිය ද අතර සිදු වූ පහැදිලි ලෙස ම නොවැදගත් වූ ගැටුමයි. එය බොහෝ විචාරකයන්ට පෙනුණේ එය සිදු වූ අවස්ථාව අනුව ඒ සා සිල්ලර වූත්, එහි ස්වරූපය අනුව ඒ සා අපකීර්තිමත් වූත්, එහි අදාළ ප්රශ්න අනුව ඒ සා නිෂ්ඵල වූත් දෙයක් ලෙස ය; " කාලකන්නි මහණුන් අතලොස්සකාට ලෙනක් යතුර ලබා දීමට කෙරුණ යුද්ධයක් " ලෙස ය; : පැහැදිලි ලෙස ම නිෂ්ඵල වූ එක ම නූතන යුද්ධය" ලෙස ය. අනෙක් අතට ක්රෝම සාමිවරයා මෙසේ කීවේ ය: " ක්රිමියානු යුද්ධය නිසා නොවන්නට සහ තදනන්තර ව බීකන්ස්ෆීල්ඩ් සාමිවරයාගේ ආණ්ඩුව විසින් ක්රියාත්මක කෙරුණ ක්රියාමාර්ගය නිසා නොවන්නට, බෝල්කන් රාජ්යයන්ගේ ස්වාධීනත්වය කිසිකලෙකත් අත්පත් කර ගනු නොලබන්නට තිබිණ; රුසියාව් දැන් කොන්ස්තන්තිනෝපලය අත්පත් කර ගනු ලැබ සිටින්නට තිබිණ." (පිටු 202/03)
It was the Crimean War which disturbed the system established in Vienna - that apparently insignificant conflict between Russia on the one side and England, France and turkey on the other, which has seemed to many critics so trivial in its occasion, so inglorious in its character, so vain in its issues; " a war to give a few wretched monks the key of a Grotto," "the only perfectly useless modern war that has been waged.: On the other hand, "Had it not been for the Crimean War," wrote Lord Cromer, " and the policy subsequently adopted by Lord Beaconsfield's government, the independence of the Balkan states would never have been achieved, and the Russians would now be in possession of Constantinople." (pp.202/03)
May be an image of book and text that says 'A HISTORY OF MODERN TIMES From 1789 C. D. m. KETELBEY THIRD EDITION REVISED'

All reaction

Comments

Popular posts from this blog

MARX, ENGELS, LENIN, TROTSKY - IN THEIR OWN WORDS