Posts

Showing posts from February, 2024
  "මෙතන පොත් 10,000 ක් විතර තියෙනව. ඉතිං ඒ පොත් රැකගැනීමේ ප් ‍ රශ්නයක් තියෙනවනෙ. ඇත්ත වශයෙන්ම මගෙ ළග මේ පොත් තියෙන එකත් එක්තරා විදිහක වැරැද්දක්. සමහරු කියනව පුස්තකාලයක් දාමු කියලා. ඒවා නිකන් කියන්න පුළුවන්, මම දන්නවා පුස්තකාලයක් දැම්මට කවුරුත් එන්නෙ නෑ. මේවා දෙනව කිව්වත් ආවෙ නෑනෙ. පුස්තකාලයක් දාන්නත් තැනක් ඕනෙ. මෙතන හැරෙන්නවත් බෑ. මං මැරුණොත් මේවා විකුණයි. මං ගොඩක් පොත් අරන් තියෙන්නෙත් එහෙම. සමහරු මැරුණහම ඒ අයගෙ පවුලෙ අය පොත් කියවන්නෙ නැති නිසා පොත් කඩේට විකුණනවා. ඉතිං අපි ඒ පොත් ගන්නවා. ඒ නිසා මම කල්පනා කළා හොඳම ක් ‍ රමේ තමයි මේ පොත් කියවන්න ඕනෙ අයට විකුණන එක කියලා. ඒත් ඔක්කොම පොත් විකුණන්නෙ නෑ. පොත් ගන්න විශ්වවිද් ‍ යාලෙ එක්කෙනෙක්වත් ආවෙ නෑ. ඒක ශිෂ් ‍ යයෙක් ආවෙ නෑ. ලෙක්චරස්ලා කවුරුත් ආවෙත් නෑ. ෆේස්බුක් එකේ ලියනව ඕක විකුණන්න එපා අරකයි මේකයි කියලා. හොඳම දේ තමයි අරන් එක්කො තමන්ගෙ පුස්තකාලෙ තියනවා, නැත්නම් කාගෙහරි පුස්තකාලෙකට දෙනවා. 'මාර්ග' පොත් හතළිස් ගාණක් මගෙ ළඟ තිබුණා. ඒවා විකිණුවා. සමහර ඒවා අවුරුදු 50 ක් විතර ඇති. මගෙ පොත් එකතුවෙ තියෙන පොත් මම විතරයිනෙ කියවල තියෙන්නෙ. ඉ...