පාවී පාවී මේ එන්නේ, අතීතයේ සිට එන සුළඟයි; 

 පුටින්ගේ ම්ලේච්ඡ  ආක්‍රමණය හමුවේ අතීතයේ එක් පිටුවකින්!


  රියසාන්හි රණවිරුවන් කෙවන්වූ රුදුරුබවකින් සහ නිර්භීත අයුරකින් සටන් කරන්නේදැයි දකිමින් මොංගල් අධිරාජ්‍ය බටූ භීතියට පත් විය...බටූගේ හමුදා බලකා ගිණිය නොහැකි තරම් විය; පරාජය කරනු නොලැබිය හැකිව තිබිණ.හැම රියසාන් භටයකු ම සතුරාගේ භටයන් දහසක් සමඟ සටන් කළ යුතුව තිබිණ.

   යළි සටන පටන් ගැනිණි..රියසාන්වරු ටාටාර් රෙජිමේන්තුවල සවිමත් භට කණ්ඩායම් ගණනාවක් හරහා යමින් එඩිතරව සහ රුදුරු ලෙස සටන් කළහ.රියසාන් හමුදාවල එඩිතරබව සහ බලය දකිමින් ටාටර් රෙජිමේන්තු බියෙනැළලී ගියහ. ඔවුන් කෙතරම් තියුණු ලෙස සටන් වැදිණි ද යත් පොළොව වැළපෙන්නට පටන් ගති; බටූගේ හමුදාවල ශ්‍රේණීන් තුළ ව්‍යාකූලත්වය රජැයී ය.රිසාන්වරුන්ගේ ප්‍රහාරය අභිබැවීමට ටාටාර් රෙජිමේන්තුවලට  බෙහෙවින් දුෂ්කර විය.... රිසාන් හමුදාවේ එඩිතර භටයෝ සටන් භූමිය මත ඇද  වටුණාහ.... 

   සිය හමුදාවේ රෙජිමේන්තු ගණනාවක් පරජයට පහ් කරනු ලැබීම දුටු බටූ අධිරාජයා බියට සහ දුකට පත් විය.ඔහු රියසාන් භූමිය අත්පත් කර ගැනීම ඇරඹුවේ  හැම දෙනාම සහ හැම දෙයක්ම අනුකම්පා විරහිත ව කපා කොටා දමා ගිනිබත් කරන ලෙස  නියෝග කරමිනි.ඔහු ප්‍රොන්ස්ක්, බෙල්ගොරොද් සහ ඉෂෙස්ලවෙත් නගර සමතලා කර දමුවේ ය. කිතුණු ලේ මහා ගංගාවක් පරිද්දෙන් ගලා ගියේ ය.

   රිසාන් කුමරුවන් අතරීන් වඩාත්ම සුන්දර වූත් වඩාත්ම එඩිතර වූත් ඔලෙග් ඉන්ග්‍වරෙවිශ් කුමරු  සිය දරුණු තුවාලවලින් මියැදෙමින් සිටිනු  දුටු බටූ අධිරාජයාට ඔහු සුවපත් කොට සිය ආගමට හරවා ගැනීමට අවැසි විය. ඔහු රජා ාඅගමක් නැත්තකු සහ කිතුණු අධිරාජ්‍යයේ සතුරකු ලෙස හැඳින්වීය.බටූට යකා නැග්ග අතර කුමරාව කෑලි කෑලිවලට කපන ලෙස නියෝග කළේ ය..( බලගතු එවුන් හමුවේ බලය නැතිඑවුන් දණ ගැසිය යුතු යැයි කියන පුටින්ගේ පක්කලියන්ට අනුව ඔහු බූරුවෙකි.)

  රිසාන්වරුන්ගේ ලේ ගලා යාම දුටු බටූ තව තවත් දරදඬු වී සියලු රුසියානු බිම් අත්කර ගනු පිණිස සුස්දාල් සහ ව්ලැදිමීර් වෙත ගමන්  කළේ ය.

  ඉන්පසු ඉයුපාර්ති නමැති ‍රියසාන්  ප්‍රධනියෙක් 1700 ක් පමණ දෙන්නා රැස් කරගෙන ටාටාර්වරුන්ට එරෙහිව යුද වැදුනි. ( අරුන්ට අනුව තවත් බූරුවෙකි.)

 ඉයුපාර්ති කෙවන් රුදුරුබවකින් සටන් කළේ ද යත් ඔහුගේ අසිපත මොට්ට බවට පත් විය.මියගිය  ටාටරයකුගේ අසිපතක්  ඩැහැගත් ඔහු උන්ගේම අසිපතින් උන්ව  කපා දමුවේ ය.රුසියානුවන් මළවුන්ගෙන් නැඟිට ඇතැයි ටාටරයෝ සිතූ බටූ තෙමේමත් භීතියට පත් විය. ගම් ප්‍රධානීහු, අණදෙන නිලධාරියෝ සහ කුමරවරු බටූට මෙසේ කීහ. "අපි බොහෝ රටවල බොහෝ අධිරජවරුන් සමග සටන් කරලා තියනවා, ඒත් මේ වගේ  ධෛර්වන්ත වීරයන්ව අපි කවදක්වත් දකලා නැහැ. අපේ තාත්තලාවත් ඒ වගේ අය ගැන අපට කියලා නැහැ. උන් මරණය ගැන හිතන්නෙවත් නැහැ. භටයන් දහසකට එකෙක්, දස දහසකට විරුද්ධව දෙන්නෙක් සිටිද්දි උන් අස්වයො පිටේ නැඟිලා එඩිතරව සටන් කරනවා. උන් එකෙක්වත් සටන්බිම අත් හැරලා යන්නෙ නැහැ. පිටු 220/205)..

 වත්මන් යුක්‍රේනියානුවන් ට ද ඇත්තේ පුටින්ද බූටාට පරණ රුසියානු (යුක්‍රේනියානු) පාඩම යළි ක්‍රියාවෙන් ම මතක් කර දීම ය. තම රටේ ස්වාධීනත්වය වෙනුවෙන් සටන් වැද මිය යන්නවුන්ට පුටින්ගේ පක්කලියෝ දිගින් දිගට ම බූරුවන් යැයි කියපුදෙන්!

Comments

Popular posts from this blog

MARX, ENGELS, LENIN, TROTSKY - IN THEIR OWN WORDS