ඊනියා 22 වැනි සංශෝධන ගහලයාගෙන්

 අධිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීමට  පෙරට වරෙව්!

 

1937මාර්තු 9දා ඇමරිකාවේ එවක ජනපති  ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් සිය දෙවෙනි ධුර කාලය අරඹමින් ජාතිය අමතා කළ කතාව එරට අධිකරණයට එරෙහිව  ලොව ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියවෙන කිසිදු නායකයකු එදා මෙදා තුර අධිකරණයට ප්‍රසිද්ධියේ නොකළ අන්දමේ ප්‍රහාරයක් එල්ල කළේ ය. ඊට අනුකූලව  ඔහු සිය අරමුණු ඉටු කර ගැනීම උදෙසා  ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් ගණන  50 දක්වා වැඩි කිරීමට   නීති සකස් කළේ ය. පනත සකස් කර ගැසට් කරන තෙක් ගල් ඉබ්බා සේ  නිහඬව සිට  ඉන්පසු තමාගේ විවෘ ත මනස ගැන උජාරුවෙන් ටොම් පච කෙළීමේ  ක්‍රමය වෙනුවට ඔහු මුල සිට ම අධිකරණය  ජනමතයට ( තම මතයට) අනුව ක්‍රියා කල යුතු  බව ප්‍රසිද්ධියේ කියා සිටි අතර  එය ඉටු කර ගනු වස්  මාර මාර යෝජනා ඉදිරිපත් කළේ ය ඉන් එකක් වූයේ, වසර 70 දී විශ්‍රාම නොයන  හැම විනිසුරුවකු වෙනුවෙන් ම අමතර  විනිසුරුවකූ පහ් කිරීමට ජනපතිට බලය ලබා ගැනීම ය.. ජනතාව  ගොනාට ඇන්දවීම සඳහා ගොඩ ගැසී ඇති නඩු  ඉක්මණින් හමාර කිරිමේ  තක්කඩි තර්කයද  පෙරට දැම්මේ ය. ඔහුට සෙනෙට් මණ්ඩලයේ රබර් මුද්‍රා බහුතරයක්  තිබූ නමුත්  බොහෝ දෙන එම පනතට විරුද්ධ වන්නට තරම් ලජ්ජා බය ඇත්තෝ ද වූහ. අතිශය ජනප්‍රියතාවකින්  (42%කින් නො වේ.) දෙවෙනි වරටත්  තේරි පත් වූ නමුත් මේ අධිකරණය උලා කෑමේ තක්කඩි ක්‍රමය නිසා එය 35% දක්වා ඩවුන්ද පල්ලම් යන්නට විය. මේ ගැන තීරණය ගැනීම ශ්‍රේෂ්ඨාදිකරණය භාර දීමේ  තුච්ඡ ක්‍රමය අවතීර්ණ වීමට පෙරාතුව  මොහුගේ මේ පනත ගැන සලකා බැලීමට පත් කෙරුණ සෙනෙට් මණ්ඩලයේ  අධිකරණ කමිටුව ඒ ගැන විමර්ශනය කර නිකුත් කළ වාර්තාවෙන්  දැන් අපට ද ප්‍රයෝජනවත් විය හැකි කොටස් කීපයක්  පහ තසිංහලට පරිවර්තනය කර දක්වමි.එම සම්පූර්ණ ඉංග්‍රිසි පිටපත  වෙනමම පළ කර ඇත.

ඉදිරියේ දී  මෙවන් වදන්, වැකි සහ ඡෙද  අදාළ ක්ෂේත්‍ර තුළින්  ඇසුනොත්  පුදුම නොවන්න. ඇසීමට සැලැස්විය යුත්තේ එවන් හෝ ඊටත් වඩා ප්‍රබල  දේ ය ජවිපෙ. පොල් පොටාලාගේ ඒකාධිපති වියරුව හොම්බෙන්ම යවමු!

 

සෙනෙට් සභා අධිකරණ කමිටුවේ වාර්තාව

 පහත දැක්වෙන මූලික කරුණු  මත  පනත ප්‍රතික්ෂේප කළ යුතු බව කමිටුව නිර්දේශ කර සිටියි.

1)        ආරම්භයේ දී ඉදිරිපත් කළ කිසිදු  අරමුණක් පනත සාක්ෂාත් කර ගන්නේ නැත.

2)        එය අධිකරණය මත බලහත්කාරය පටවාලන අතර එහි  ආරම්භක සහ අවසන් ප්‍රතිඵලය වශයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට හානි කරනු ඇත.

3)        එය අපේ ආණ්ඩු ක්‍රමයේ ඉතිහාසයේ සකලවිධ පූර්වාදර්ශයන් උල්ලංඝනය කරන අතර එයමත් අනාගතය උදෙසා භයානක  පූර්වාදර්ශයක් වනු ඇත.

4)        පනතේ න්‍යාය ඇමරිකානු ව්‍යවස්තාවේ ජීවගුණය ඍජු ලෙසම උල්ලංඝණය කරන අතර එය ක්‍රියාවට නැංවීම ජනතාවගේ කැමැත්තකින් හෝ අනුමැතියකින් හෝ තොරව ව්‍යවස්තාව වෙනස් කිරීමට  අවසර දීමක් වනු ඇත. එය සුළුතර කොටස්වලට අපේ ව්‍යවස්තානුකූල ක්‍රමය ලබා දී ඇති ආරක්ෂාවට හානි කරවනු ඇත; පුද්ගලයන්ගේ අයිතීන් අහෝසි කර දමනවා ඇත.

5)        අධිකරණය සම්බන්ධයෙන් ව්‍යවස්තාදායකයේ සහ විධායකයේ බලතලවලට කෙරෙන  එකතු කිරීම් කිරීම මඟින් අධිකරණය අභිබවන දෙශපාලනික පාලනය ව්‍යප්ත කිරිමට තුඩු දෙනු ඇත.

 

මර්තු 9දා සිය ජාතිය ඇමතිමේ දී ජනපත්වරයා මෙසේ කියයි:  “ ජාතික කෘ ෂිකර්මය ස්තාවරත්වයට පත් කිරීමට, කම්කරුවන්ගේ තත්ත්වය වැඩි දියුණු කිරීමට. අසාධාර්ණ තරගයට එරෙහිව ව්‍යවසායන් සුරැකීමට, අපේ ස්වාභාවික සම්පත් සුරැකීමට සහ තවත් බොහෝ ක්‍රම මඟින් අපේ සුපැහැදිලි ජාතික අවශ්‍යතාවන්ට සේවය කිරීමට කොන්ග්‍රසය තැත් කරද්දී,  කොන්ග්‍රසයේ මෙම පනත්වල ඥානාන්විතභාවය  ගැන තීන්දු කිරීමට සහ මෙම  පනත්වල ලියැවී ඇති  රාජ්‍ය ප්‍රතිපත්ති අනුමත කිරීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ බලය අත්පත් කර ගැනීමට අධිකරණය  තැත් කරයි.

 ශ්‍රේෂ්ඨාධිකරණය සිය අධිකරණ බලය අතික්‍රමණය කර ආණ්ඩු ක්‍රමයේ ව්‍යව්ස්තාදායක අංශයට ව්‍යවස්තාව මඟින් වෙන් කොට ඇති ක්ෂේත්‍රය ආක්‍රමණය කිරීමට ශ්‍රෙෂ්ඨාධිකරණය ක්‍රියා කර ඇත යන චෝදනාව එම වචන තුළ ගැබ්වේ. වඩාත් ම හොඥ තත්ත්වයෙන් ගත් කල මෙම චෝදනාව හුදු මතයක් පමණි.එය අධිකරණ ක්‍රියාවලියක නිගමනය නො වේ.

 

 මේ වූකලී මෙම පනතේ අරමුණ  වේගවත් කිරීමවත්  අධිකරණයට “අලුත් ලේ” එකතු කිරීමවත් නොවන බවත්,  අධිකරණයේ තීරණයන් වෙනස් කරවා ගැනීමක්  බවත්  අවංකව පිළිගැනීමකි.විධායකයේ සහ ව්‍යවස්තාදායකයේ අදහස්වලට විනිසුරුවගේ අදහස් යටත් කිරීමක්;යම් යම් විනිසුරුවන්ට  විනිසුරු අසුන්වලින් ඉවත්ව  යාමට බල කිරීම මඟින් හෝ විනිසුරුවන්ගේ සඛ්‍යාව වැඩි කිරීම මඟින් හෝ ඉටු කර ගනීමට ගෙන එන්නකි.....

 

   එහි පුද්ගලයන් සංඛ්‍යාව වැඩි කිරීම මඟින් අධිකරණයේ තීන්දු වෙනස් කරවා ගැනීමට යෝජනාවක්  සාහසිකව  ගෙන ආ අප රටේ ඉතිහාසයේ පළමු අවස්තාව මෙයයි. අපි එයට මුහුණ දෙමු. කිසි කලෙක උල්ලංඝණය නොකෙරෙන්ආදශනාත්මක පූර්වාදර්ශයක් අපි දැන් සකසමු. 75 වනි කොන්ග්‍රසයේ අපි කිසිදු අනුප්‍රාප්තික කොන්ග්‍රසයකට නොතකා නොහැරිය හැකි දෙයක් සකසමින්, බිය නිසා හෝ තමන්ව පත් කරන බලධාරීන්ට කෘතඥපූර්වක වීමේ හැඟුමකින් හෝ  පක්ෂග්‍රාහී ආවේගයකින් හෝ කරනවා වෙනුවට ජනතාවගේ අයිතීන් සුරැකීමක් යැයි තමන්  විශ්වාස අරන්නා වූ තමන්ගේ තීරණ ප්‍රකාශයට පත් කිරීමට එඩිතර වන්නා වූ  ස්වාධීන අධිකරණයක් අප සතුවිය යුතු බැව් ප්‍රකාශයට පත් කරමු. අපි විනිසුරුවන්ගේ විනිසුරුවන් නො වෙමු. අපි ව්‍යවස්තාවට උඩින්  සිටින්නෝ නො වෙමු....

 

   අධිකරණය සහ විනිසුරුවන් වහල් මනසින් යුතු ආකල්පයකින්  නිදහස් විය යුතු ය. මෙය ව්‍යවස්තානුකූල අර්ත කතනයකදී වේවා විනිශ්චයට බඳුන්වඇති ජනප්‍රිය කරුණක දී වේවා සත්‍යවාදී විය යුතු ය. අවසන් වශයෙන් යාමට ඇති අධිකරණය වත්මන් හෝරාවේ දී පවත්නා දේශපාලනිකව උත්තරාරෝපණය කෙරුණ හැඟීමකට ප්‍රතිචාර දැක්විය යුතුව තිබෙන විට,  වඩා සන්සුන් සහ කල්පවත්නා සලකා බැලීමකට පීළිකුල් සහගත වන්නා වූ කිසියම් මොහොතක පවත්නා රංචුවකගේ ආවේගයන් වැළඳ ගන්නා   මහජන මතයේ තෙරපුමට එම අධිකරණය අවසානයේ දී යටත් වනු ඇත.

 

   අපහසුතාව සහ නීති පැණවීමේ පමාව පවා අපේ ක්‍රමය වෙනුවෙන් ගෙවිය යුතු  දැවැන්ත ගෙවීමක් නො වන්නේ ය. ව්‍යවස්තානුකූල ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට යන්නේ  වේගයට සමඟින් වනවාට වඩා ස්තිරරතාවෙන් යුතුව ය. අපේ ශිෂ්ටාචාරයේ ප්‍රගතිගාමී ගමන් මඟෙහි සුරක්ෂිතබව සහ ස්තිරසාරබව කිසිදු සුවිශේෂී  නීතියක් දැන් නීතිගත කිරීමකට වඩා අපටත් අපට පසු ඒමට නියමිත අයටත් වඩා බෙහෙවින් ම වැදගත් ය.ස්වකීය වත්මන් සහ අනාගත සුබ සාධනයට අත්‍යවශ්‍ය යැයි ජනතාව සිතිය හැකි ප්‍රතිසංස්කරණයන් සහ වෙනස්කම් ඇති කර ගැනීමට ඇති පදම් අවස්තා ඇමරිකානු ව්‍යවස්තාවේ පවතී....

 

   ව්‍යවස්තානුකූල මූලධර්මය ඉවත හෙළිමේ අනවශ්‍ය, නිරර්තක සහ  අතිශයින් ම භයානක වන්නා වූවක් ලෙස මෙම පනත ප්‍රතික්ෂේප කිරීමට අපි නිර්දෙශ කරමු. එය කොන්ග්‍රසයට  ඉදිරිපත් කර ඇත්තේ එහි සැබෑ අරමුණ සඟවාලන්නා වූ අතිශය සංකීර්ණ ආකාරයකින් ය.

 

 එය  විනිශ්චය මණ්ඩලයෙන් වයස  අහෝසි කර දැමීමක්වත් බෙදුණ තීන්දු දීම නවතාලිමක්වත් නො කරනු ඇත.

 

     නීති ව්‍යවස්තා විරෝධී ලෙස  හැඳින්වීමට ඕනැම  අධිකරණයකට  ඇති බලයට එය බලපාන්නේ නැති අතර වාරණයන් නිකුත් කිරීමට ඇති බලය කිසිදු විනිසුරුවකුගෙන්  ඉවත් කරන්නේ නැත.

 

    එය නඩු දමීමේ වියදම අඩු කරන්නේවත් නඩු පිළිබඳ තීන්දු ඉක්මන් කරන්නේවත් නැත. එය වූකලී පෙර නොවූ විරූවක් වන අතර සාධාරණීකරණයකින් තොර වේ.

 

   එය අධිකරණය කොන්ග්‍රසයේ සහ ජනපතිගේ අභිමතයට යටත් කරන අතර පෞද්ගලික අයිතීන් පිළිබඳ එක ම ස්තිර රැකවරණය වන අධිකරණයේ ස්වාධිනත්වය වනසා දමයි.

 

   ව්‍යවස්තාව  මඟ හැරීමට මාවත  ගෙන හර දක්වන්නා වූ එය මූලික නීතිය පිළිබඳ සියලු සශෝධනයන්  මත ස්වකීය අදහස් දක්වීමේ අයිතිය ජනතාවට අහිමි කිරීමේ  ක්‍රමවේදයක් ස්තාපිත කරයි.

 

   එහි යෝජකයන් විසින් ව්‍යස්තාව පිළිබඳ අධිඅරණමය අර්ත කතනයක් බලහත්කාරයෙන් පැටවීමේ සැලසුමක් ලෙස පිළිගනු ලබන එය දැන් රට හමුවේ ඇත. ඒ වූකලී ඇමරිකන් ප්‍රජාතන්ත්‍රවදයේ හැම ශුද්ධ වූ සම්ප්‍රදායක් ම උල්ලංඝණය කරන්නා වූ යෝජනාවකි.

 

ව්‍යවස්තාවේ ආකාරයක කඩතුරාව යටතේ ව්‍යවස්තානුකූල නොවන දේ කිරීමට එය ප්‍රයත්න දරයි.

 

එහි අවසන් ක්‍රියාකාරීත්වය වනු ඇත්තේ මෙම  ආණ්ඩුව නිතියේ දෙයක් නො ව මිනිසුන්ගේ දෙයක් බවට පත් කිරීම ය. එහි ප්‍රායෝගික ක්‍රියාත්මක වීම වනු ඇත්තේ ව්‍යවස්තාව යනු විධායකය සහ ආණ්ඩුවේ ව්‍යවස්තාදායක අංශ  එය කුමක් දැ යි කීමට  කීමට තෝරා ගන්නා දෙය බවට පත් වීම ය. ඒ වූකලී පරිපාලනයේ හැම වෙනස්වීමක් සමඟ ම වෙනස් වන්නා වූ අර්තකතනයක් වනු ඇත.

   මේ  වූකලී  ඇමරිකාවේ නිදහස් මිනිසුන්ගේ නිදහස් නියෝජිතයන්ට යළි කිසිදා එහි සමාන්තරයක් ඉදිරිපත් කළ නොහැකි වන සේ  අවධාරණයෙන්  ප්‍රතික්ෂේප කළ යුතු  පනතකි.

Comments

Popular posts from this blog

MARX, ENGELS, LENIN, TROTSKY - IN THEIR OWN WORDS