2018 ඔක්තෝබර් 28 කලාපය 15 හොරිකඩයා පිළිබඳ ජැක් ලන්ඩන්ගේ මේ අමරණීය නිර්වචනය කොයි ද්‍රෝහියාටත් එක සේ ගැළපේ ! දෙවියන් වහන්සේ ගැරඬියා, ගෙම්බා සහ ලේ වවුලා සාදා නිම වීමෙන් පසු, යම්කිසි විෂඝෝර පිඬුවක් ඔහු අත ඉතිරි විය.ඔහු එයින් හොරිකඩයකු සාදා නිම විය. හොරිකඩයෙක් යනු, කස්කුරුප්පුවක් වැනි වක ගැසුණ ආත්මයක් ද දිය භරිත වූ මොළයක් ද ජල්ලි සහ මැලියම් සම්මිශ්‍රණයෙන් සැදුණා වූ පිට කොන්දක් ද සහිත කකුල් දෙකේ සතෙකි.අන් අන් අයගේ හදවත් ඇත්තේ යම් තැනක ද එතැන හොරිකඩයා සතුව ඇත්තේ කුණු වූ ප්‍රතිපත්ති නම් ගඩුවකි. හොරිකඩයකු වීදියට පැමිණි කල් හි මිනිස්සු පසුපස හරවති; සුර දූතයෝ දෙව්ලොව්හි වැළපෙති;ඔහු එළියේ තැබීම පිණිස යක්ෂයෝ නිරයේ ද්වාරයන් වසා දමති. සිය සිරුර ගිල්වා තැබීමට සෑහෙන තරම...
Posts
- Get link
- X
- Other Apps
2018 ඔක්තෝබර් 21 කලාපය 15 ම්ලේච්ඡත්වය ඉක්ම වූ සෞදි මාධ්‍යවේදී ඝාතනය සෞදි ජාතික මාධ්‍යවේදී ජමාල් කෂෝගි තුර්කියේ සෞදි තානාපති කාර්යාලය තුළ දී අමු අමුවේ ඝාතනය කළ බවට සාධක තොග ගණනක් තිබිය දී එවැන්නක් නැතැයි දි දිවුර දිවුරා කියා සිටි සෞදි අරාබිය බැරිම තැන දැන් එය පිළිගෙන ඇත. එය ද කර ඇත්තේ සුපුරුදු ආකාරයේ බොරුවක් මගිනි. එනම්, ප්‍රශ්න විචෑරීමේ දී ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් ඔහු මරණයට පත් වූ බව කියමිනි.පොලිස් අත් අඩංගුවේ සිටිය දී ආයුධ පෙන්වීමට ගොස් මාංචු දැමූ අත්වලින් බෝම්බ ගසන්නට ගොස් මැරුම් කෑ සැක කරුවන් ගැන ඕන පදම් අසා ඇති ශ්‍රී ලංකාවේ අපට නම් ඒ කතාවේ අරුමයක් නැත. එහෙත් ලෝකෙට ලොක්කා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට නම් ඒ කතාව තරම් ඇත්තක් ලෝකයේ තවත් නැතිලු! ඩොලර් බිලියන 110ක් ආය...
- Get link
- X
- Other Apps
2018 ඔක්තෝබර් 14 කලාපය 14 ආණ්ඩුව පෙරළීමේ මෛත්‍රී -මහින්ද කුමන්ත්‍රණ ආණ්ඩුව පෙරළීමේ අලුත් ම දිනය දැන් අයවැය පිළිබ්ඳ ඡන්දය විමසන දිනය දක්වා ඉදිරියට ගෙන ගොස් තිබේ. ඒ අනුව දිනය නොවැම්බර් 5දා දක්වා ඒ ගැන සිහින මැවීමේ අවස්ථාව රාජපක්ෂවාදී වහලුන්ට ද, ව්‍යාජ තොරතුරු අට්ටි ගණන් ගොඩ ගැසීමේ වරම ජනමාධ්‍ය වේශධාරී ආයතනයන්ට ද හිමි ව ඇත. ඒ අතර ම ආණ්ඩුව පෙරළා දැමීමේ කාර්යය ඊට පෙරාතුව කිරීමේ කාර්යය මහින්ද රාජපක්ෂ විසින් ම ජනපති මෛත්‍රීපාල සිරිසන සහෘදයාණන් වෙත පවරනු ලැබ තිබේ.ඒ ව්‍යවස්ථාව අනුව එය කළ හැක්කේ ජනපති තනතුර දරණ තැනැත්තාට පමණක් වන හෙයිනි. රාජපක්ෂ නඩයට එරෙහි 62 ලක්ෂයකට අධික ජනතාවකගේ ඡන්දයෙන් බලයට පත් , රජපක්ෂ නඩය විසින් එකල "සිරිසේ...
- Get link
- X
- Other Apps
2018 ඔක්තොබර් 07 කලපය 13 ජනපති ,අගමැති සහ මහ රජ මහින්ද අලුත් ම පරණ සෙල්ලම් රුපියල දිගින් දිගට ම බාල්දු වීම, බඩු මිල දිගින් දිගට ම ඉහල යාම, මිනිමරුම් දිගින් දිගට ම ඉහල යාම , දුෂණය නොකඩවා මහා පරිමාණව සිදුවීම යනාදියට අමතර ව , ලෝකෙන් උතුම් රටට ම ගැලපෙන ආකා රයේ අරුම පුදුම කුමන්ත්‍රණයක් සහ ඒ පිළිබඳ අරුම පුදුම විමර්ශණයක් සිදු වීම යනාදී , යමකු ඔල්මොරොන්දම් කරවනසුලු දහසකුත් එකක් කරුණු මධ්‍යයේ ජීවත් වීමට මෙරට ජනතාවට තවදුරටත් සිදු ව ඇත.ඒ මදිවාට, මේ සියල්ල විසඳීමේ කෝකටත් තෛලය , 2015 ජනවාරි 8 දා දා ජනතාව විසින් පා පහර දී බලයෙන් පහ කෙරුණ සහ ඉන් තදනන්තරව සිය බලලෝභීත්වය ...
- Get link
- X
- Other Apps
2018 සැප්තැම්බර් 23 කලාපය 12 ඩොලරය- රුපියල -ආණ්ඩුව - මහ බැංකුව- මාධ්‍ය සහ ඒකාබද්ධය රුපියල නොකඩවා බාල්දු වීම හුදෙක් ඇමරිකන් ඩොලරයේ ශක්තිමත් වීමේ ප්‍රතිඵලයක් ලෙස හුවා දක්වා ඇඟ බේරා ගැනීමට අන්තිමේ දී ආණ්ඩුව ක්‍රියා කරමින් ඇති අතර , ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්ය භාරය වනුයේ ආණ්ඩුවට හූමිටි තැබීම යැයි සිතන මහ බැංකු අධිපති ඇතුළු පාලකයෝ ආණ්ඩුවේ ප්‍රකාශ සාධාරණීකරණය කරන අන්දමේ ප්‍රකාශයන් කිරීමට පටන් ගෙන ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වූ දා සිට ඔහු ගෙන යන උග්‍ර...
- Get link
- X
- Other Apps
International Books Exhibition 2018 September 21-30 BMICH Marx-Engels -Lenin-Trotsky In Their Own Words Selected and Edited By T.Andradi Price : Rs.1000/= * Vijitha Yapa Bookshop - Hall A Stalls A 4,6,9 * Sarasaviya Book Publishers - Hall D Stall 160 * Russiyawa Prakashakayo - Hall H Stall 272 * Deen The Bookman - Hall H Stalls 203,204 * Sayuri Poth - Hall J Stall 361 * Progressive Publishing House -Hall D Stall206
- Get link
- X
- Other Apps
BMICH පොත් ප්‍රදර්ශනය- 2019සැප්තැම්බර් 20/29 පහත සඳහන් පොත් මිල දී ගත හැකි කුටි මාක්ස් - එංගල්ස් - ලෙනින් -ට්‍රොට්ස්කි - ඔවුන්ගේ ම වදනින් මිල රු.950/= ගැලවීම සොයා ගිය දිගු වන්දනා ගමනක් මිල රු. 950/= නිකොස් කසන්ත්සාකිස් සූරිය ප්‍රකාශකයෝ ************************************ Marx-Engels- Lenin-Trotsky In Their Own Words Price: Rs.1000/= Sarasaviya and Wijitha Yapa Bookshops ************************************** මගේ ජීවිතය- ලියොන් ට්‍රොට්ස්කි මිල රු:950/= සරසවිය පොත් ප්‍රකාශකයෝ ****************************...