2018 ජූලි 29 කලාපය 4
විවාදයෙන් රාජපක්ෂ කල්ලියේ පලා යාම
සහ
ඝණපූරණයෙන් රාජපක්ෂලාට පවන් සැලීම
''පංති සටන '' ජූලි 15 දා කලාපයෙන් තදනන්තරව ගත වූ කාලය තුළ දී ද මෙරට දේශපාලන ක්ෂ්ත්‍රය මොනවට පැහැදිලි කලේ , මෙරට ප්‍රධාන ධනපති කණ්ඩායම් තුනේ අන්ත බංකොලොත්බව සහ වංචනිකත්වයේ ගොරබිරම්බව අබමල් රේණුවකින් හෝ අඩු නොවන බව පමණක් නො ව , ඒ වෙනුවට එය අමු නිරුවතින් ලොවට ප්‍රදර්ශනය කිරීමෙහිලා ඒවා කොහෙත් ම පසුබට නොවන බව ය.
මේ බැව් වඩාත් ම නීච නින්දිත ලෙස ප්‍රදර්ශනය වූයේ ' නිව්යෝක් ටයිම්ස් ' පුවත් පතේ පළ වූ චීන -මහින්ද අයථා ගනුදෙනුවට අදාළ පාර්ලිමේන්තු විවාදයේදී ය. පුවත පළ වූ තැන් පටන් මහා මාධ්‍ය සං දර්ශනයක් පවත්වමින් මහින්ද ව නැත්තටම නැති කරන තරම් වූ වහසි බස් දෙඩීමක නිරත වූ යූඇන්පී හැත්ත බුරුත්ත ම , තමන් විසින් ම පාලිමේන්තු විවාදයකුත් ඉල්ලා , එය ලැබුණ විට කලේ , බොරු සද්දයක් දමා , එම විවාදය පැවැත්විය නොහැකි වන තැනට කරුණු සිද්ධ කිරීම ය. තමන්ගේ ම මන්ත්‍රීවරුන් 106 සිටිය දී , 225 ක පර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 8ක් පමණක් සිටීමට සලස්වා ඝණපූරණය නොමැති වීම මත විවාදය හබක් වීමට සැලැස්වීම ය. මහින්ද ඇතුලු රාජපක්ෂ පවුලේ හොර නඩය මෙය මග හැරීම කිසිසේත්ම පුදුමයට කරුණක් නොවේ. එය ඔවුන් ගැන දන්නා කිසිවකුට අමුත්තක් ද නො වේ . පුදුමයට කරුණක් විය හැකි ව තිබුනේ ඔවුන් එයට සහභාගී වී, හැම කරුණකට ම සැබෑ මහත්වරුන් ලෙස පිළිතුරු දීමට ඉදිරිපත් වූවා නම් ය.අධිකරණයේ දී පවා තමන්ට එරෙහි නඩු විභාග වීම වළක්වා ගැනීමට දන්නා තරම් කඩිකස්තිරම් අල්ලන මොවුන්ගෙන් එවන් මහත්මා ගති අපේක්ෂා කරන්නේ උපන් ගෙයි මෝඩයන් පමණී . බැලයන් ලවා කොස් ඇට බාවමින් මහින්ද 2015 අගෝස්තුවල සිට පාර්ලිමේන්තුව මග හැරි ආකා රයත්, පාර්ලිමේන්තුවට නාවාට මන්ත්‍රී වැටුප මඩිස්සලයට දමා ගැනීමෙහිලා කිසිදු සබකෝලයක් නොදැක් වූ බවත් මුලු රටම දන්නා කරුණකි . රටේ ජනාධිපති විදේශ ගත වන වාරයක් වාරයක් පාසා , ඉන්පසු තමා ද විදේශ ගත වීම පුරුද්දක් කර ගෙන, ගිහි පැවිදි සිය පක්කලියන්ගේ මුවින් තමන්ට ජනාධිපති යයි ආමන්ත්‍රණය කරවා ගැනීමෙන් ෆුල් ආතලයක් ලබන මොහු , මෙවර මාරුව දැමීමට තෝර ගත්තේ , වෙළඳ ගිවිසුමක් මගින් ශ්‍රි ලංකාව ගිල දැමීමට මාන බලන රටක් ලෙස සිය ඇම්බට්ස්මන්ලා විසින් හඳුන්වනු ලබන එම සිංගප්පූරුවට ම ය. එරට නිර්දේශ කලේ රනිල් වික්‍රමසිංහ දැ යි තවමත් දැන ගන්නට ලැබී නැත. කෙසේ වෙතත්, දැන් ඔහු කියන්නේ, අර්ජුන් මහේන්ද්‍රන් පට්ට හොරා ව ගෙනැවිත් දුන්නොත් තමාට එරෙහි චෝදනාවලට පිළි තුරු දෙන බව ය. 'නිව්යෝක් ටයිම්ස් ' අනාවරණ යන්ට එරෙහි ව නඩු පැවරීම ගැන කතා ද දැන් අවසන් ය.
මහ බැංකු මගඩියේ දී තමන් ඉටු කළ කාර්යභාරය යටපත් කර ගැනීම උදෙසා ලබුණ පොට්ට චාන්ස් එකක් ලෙස සලකා නිව්යෝක් ටයිම්ස් අනාවරණයන් යොදා ගත් යුඇන්පී ය , පාර්ලිමේන්තු විවාදය හිතා මතා ම ගබ්සා කර දැමූ බවට කිසිදු සැකයක් නැත.ඝණපූරණ ප්‍රශ්නය යොදා ගෙන මෙවන් සෙල්ලම් දැමීම සම්බන්ධයෙන් කාල් මාක්ස් මීට සියවස් එකහමාරකටත් ඉහත දී (1859 අගෝස්තු) කර ඇති ප්‍රකාශය උපුටා දැමීමෙන් මෙය අවසන් කිරීම කාට කාටත් ප්‍රයෝජනවත් වනු ඇත:
"ඉංග්‍රීසි පාර්ලිමේන්තු උපකරණයන්ගෙන් වඩාත් ම කුතුහලාත්මක එකක් වනුයේ ගණන් කිරීම ය. ගණන් කිරීම යනු කුමක් ද? පහළ මන්ත්‍රී මන්ත්‍රී මණ්ඩලයේ දී මන්ත්‍රීවරුන්ගෙන් හතලිහකට වඩා අඩුවෙන් සිටින්නේ නම්, ඔවූහු ඝණපුරණයක් සකස් නො කරති. එනම්, එය යෝජනාවන් සම්මත කිරීමට බලය ඇති මණ්ඩලයක් නො වනු ඇත. ස්වා ධීන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් යෝජනාවක් ඉදිරිපත් කළ හොත්, එය කතිපයාධිකාරී කණ්ඩායම් දෙකට ම - ඇතුලේ අයට සහ පිට අයට ( බලයේ සිටින අයට සහ විරුද්ධ පාර්ශ්වයේ අයට ) - එක සමාන හිසරදයක් වන්නේ නම් , එය විවාදයට ගන්නා දිනයේ දී දෙපර්ශ්වයට ම අයත් පර්ලිමේන්තු මන්ත්‍රීවරු කෙමෙන් කෙමෙන් මාරුව දමා යන බවට ඔවූහු එකඟතවකට පැමිනෙති;ඔවුන් එහි නො සිටිනු ඇත.ආසන හිස් කිරීම අවශ්‍ය උපරීමයට ළඟා වූ කල්හි, ආණ්ඩුවේ සංවිධායක , එනම්, දිනයේ පවතින ආණ්ඩුව විසින් පක්ෂයේ විනය පවත්වා ගෙන යාම භාර කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, අදාළ අරමුණ සඳහා කලින් තෝරා ගෙන සිටින සහෝදර මන්ත්‍රීවරයකුට ඇස ගසයි. සහෝදර මන්ත්‍රීතුමා හුනස්නින් නැගිට කිසිම ගාණක් නැතිව සභාපතිගෙන් ඉල්ලා සිටිනුයේ මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීන් සංඛ්‍යාව ගණන් කරන ලෙස ය. ගණන් කිරීම සිදු වේ. අයියෝ! රැස්ව සිටින මන්ත්‍රීවරුන් ගණන හතලිහකට අඩු බව අනාවරණය කර ගැනෙයි. මෙහි දී සාකච්ඡා කිරීම සමාප්තියට පත් වෙයි. කරදරකාරී යෝජනාව පරාජය කිරීමට සිදුවීමේ අලකලංචියට හා සවුත්තුවට පත් වීමේ තත්ත්වයෙන් ආණ්ඩු පක්ෂය සහ විරුද්ධ පක්ෂය ගැලවෙයි.
(මාක්ස් - A Suppressed Debate On Mexico - Marx-Engels Collected Works -වෙලුම 16 -පිට 223 )
මාක්ස් -එංගල්ස්-ලෙනින් -ට්‍රොට්ස්කි - ඔවුන්ගේ ම වදනින් - පිට 244 )
##################################################
එල්ලුම් ගහේ එල්ලුන මෛත්‍රී !
මුලු ලොව ම විරුද්ධ වුවත් තමා මරණ දඬුවම ක්‍රියත්මක කරන බව පොලොන්නරුවේ ලෝකෙට ලොක්කා ප්‍රකාශ කර ඇත.මරණ දඬුවම නියම වී සිරගෙයි සිටින අතර තුර දී ද තවදුරටත් මත්ද්‍රව්‍ය ජවාරමේ නිරත වී සිටින දුසිම් දෙකකටත් අඩු සිරකරුවන් ප්‍රමාණයක් එම රුදුරු අපරාධ යේ යෙදීම වළක්වාලීමට මුලුමණින් ම අසමත් ව ඇති ආණ්ඩුවක සර්වබලධාරී නායකයා, මෙලෙස ලෝකෙට ලොක්කා විලසින් ගෙම්බර් දමන්නේ , එය ක්‍රියාත්මක කළ හොත් පමණක් නොව , මෙලෙසින් වහසි බස් දෙඩීම මගින් ම ම මුලු රට ම ශීලාචාර ලෝකයා හමුවේ එහෙම පිටින් ම කිච වී යාම ගැන වගේ වගක් නැතිව ය. දූෂණය සහ අල්ලසින් තොර රටවලින් අංක 1 බවට සිය පාලන කාලය අවසන් වීමට පෙර පත් කරන බවට මෙතුමා මේ ඊයේ පෙරේදා වහසි බස් දෙඩුවේ ද ලෝකයාට නොමිලේ විහිලු සපයමිනි. 2017 දුප්පත්කම නැති කිරීමේ වසර ලෙස ප්‍රකාශයට පත් කොට දාර විහිලුවක් කර ලෝකයාට පස්සෙනුත් සිනහවීමට කටයුතු සලස්වා , දැන් ඒ ගැන මීක් සද්දයක්වත් නොනඟා , ඊනියා ග්‍රාම ශක්තියක් මගින් ඉදිරි වසර එකහමාර තුළ දී එය ම කරන බවක් මවා පාන්නේත් මෙලෙසින් ම ලෝකයා සිනහ ගන්වමිනි.එහෙත් මරණ දඬුවම පැණවීමේ දී නම් ඔහු මුලු රටට ම සපයන්නේ ඇස් රතුවන විහිලුවකි.
මෙහි වඩාත් ම විහිලු සහගත දෙය වන්නේ , එල්ලා මරන්නේ නීතිය අකුරට ම ක්‍රියාත්මක කිරීමේ පියවරක් වශයෙන්වත් නො ව , අපරාධකරුවන් සිරගෙදර සිටිමින් ම එම අපරාධ තවදුරටත් ගෙන යාම නතර කිරීමට තමාගේ ආණ්ඩුවට නොහැකි වීම නිසා වීම ය.දුසිමකටත් අඩු අපරාධ කරුවන් පිරිසකගේ මත්ද්‍රව්‍ය ජාවාරම් නවතා ලීමට නොහැකි ආණ්ඩුවක් රට පුර මහා ජාලයක් ව ඇති මත්ද්‍රව්‍ය ජාවරම නැති කිරීමක් කරන්නේ කෙසේද?එල්ලුම් ගහේ බලයෙනි! තමන්ගේ අන්ත නොහැකියාව වහංගු කර ගැනීම වෙනුවෙන් රටක් ලෝකාපවාදයට ලක් කිරීමට ඉඩ සැලසීමට තනි පුද්ගලයකුට ඉඩ දීම කොහෙත් ම නො කළ යුතු ය.
මත්ද්‍රව්‍ය උවදුර මුලු ර ට ම වෙලා ගෙන තිබෙන තත්ත්වය තුළ ජනතා කෝපය අතිශය ඉහළ මට්ටමකට නැඟ තිබෙන හෙයින් , මරණ දඬුවම ක්‍රියත්මක කිරීම හැර අන් මඟක් නැතයි පෙන්වීමට බංකොලොත් පාලකයන්ට හැකිව තිබේ.ජනතාවගෙන් සෑහෙන කොටසක් එසේ සිතීම ගැන ඔවුනට දොස් පැවරිය නොහැක. එහෙත් එවන් මතයක් අනුව ක්‍රියා කිරීමට හෝ එවන් මතයකට අනුබල දීමට හෝ වත්මන් ලෝකයේ ශීලා චාර රාජ්‍ය පාලකයකුට අයිතියක් නැත. නිකම් එල්ල මරා මදි ය, උල තැ බිය යුතු ය, ඇස් උගුල්ලා දැමිය යුතු ය , ගල් ගසා මරා දැමිය යුතු ය , වං ගෙඩියේ දමා කෙටිය යුතු ය , කොටින් කිව හොත් , පරණ රජ කාලේ දඬුවම් දිය යුතු ය යන ප්‍රකාශ , ඒවා කියන අයගේ ගෝත්‍රවාදී සිතුම් පතුම් වලට අනුකූල වුව ද, මිනිස් වර්ගයා මේ වන විට අත් කර ගෙන සිටින වර්ධිත චින්තනයට මුලුමණින් ම පටහැණි වේ. මරණ දඬුවම මඟින් අපරාධ නැති කළ හැකි ය, අවම කළ හැකි ය යන්න ප්‍රායෝගිකව ම නිෂ්ප්‍රභ වී ඇති කරුණකි.
ශීලාචාර පාලකයන්ගේත් අන් සියලු දෙනාගේත් කාර්යය වන්නේ මරණ දඬුවම සරණ යාම නො ව, අපරාධ අවම කිරීමේ සහ අපරාධ කරුවන්ගෙන් සමාජය ආරක්ෂා කිරීමේ සාපරාධී නොවන ක්‍රම සහ විධි සකසා ගැනීම ය. සිරගෙවල්වලට පැන තෝරා ගත් රැඳවියන් අමු අමුවේ ඝාතනය කිරීමේ ගෝඨාභය ක්‍රමය මෙන් ම, මරණ දඬුවම නියම වූවන් අතරින් තම විධායක අභිමතය පරිදි තෝර ගත් මරණ දඬුවම් ලාභීන් නීත්‍යනුකූල ව එල්ලා මැරීමේ මෛත්‍රීපාල සිරිසේන ක්‍රමය ද අන්ත ම්ලේච්ඡයන්ට උරුම වූ ක්‍රම ලෙස පිළිකුලෙන් යුතු ව හෙලා දකිය යුතු ය.සිරිසේනගේ මත්ද්‍රව්‍ය විරෝධය මහා ආශ්චර්යවත් දෙයක් ලෙස හුවා දැක්වීමට ඔහුගේ හෙන්චයියන් ගන්නා උත්සාහයේ පුස්බව සනාථ කිරීමට කළ යුතු එක ම දෙය වන්නේ , ගෝඨාභයගේ අණ පරිදි එස්ටීඑෆ් මගින් මන්ත්‍රී ලන්සාගේ මන්දිරය වටලනු ලැබූ විට වහ වහා හෙලිකොප්ටරයකින් එහි සැපත් මහින්ද මහාරජු ඔහු බේරා ගැනීම ගැන එම මහින්දට චෝදනා කළ සහ කරන මෛත්‍රීපාල, එම හන්සාව තමාගේ ආණ්ඩුවේ වසර තුනක් ම ලග්ගවා ගෙන සිටි බව මතකයට නං වා ලීම පමණි .ඔහු ම නොගියා නම් ඔහු තවමත් සිරිසේනගේ ආණ්ඩුව ඇතුළත ය. හරියට ම ස්ත්‍රී දූෂක තංගල්ල නගර සභා ලොක්කා ව ශ්‍රිලනිප පළාත් පාළන ලැයිස්තුවට දැමූ පරිදි ම ය. එනිසා මොවුන් කොයි කාගේත් පැටිකිරිය අනුව , මේ සියලු මත්ද්‍රව්‍ය විරෝධී ,දුෂණ සහ අල්ලස් විරෝධී උප්පරවැට්ටි හුදු ඡන්ද ගරා ගැනීමේ ව්‍යාපෘතීන් පමණක් බව අවබෝධ කර ගත යුතු ය.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට මහා අත්පොලොසමක් දී එය අනුමත කිරිමෙන් යූඇන්පීය යළි වරක් සිය ඊනියා ලිබරල්වාදයේ නියම අලුගෝසු ස්වභාවය හෙළිදරව් කර ඇත. එය ක්‍රියාත්මක කිරීමට අත් දෙක ම ඔසවා සහය දෙන බව අජිත්.සී .පෙරේරා පවසා ඇත. පුදුම වන්නට දෙයක් නැත. මහ බැංකු මගඩියෙන් මහේන්ද්‍රන් පට්ට හොරා බේරා ගැනීමට අමුඩෙත් ගලවා ගෙන ක්‍රියා කළ ෆුට්නෝට් කල්ලියේ මහා කෙරුමකු වූයේ ද මේ අජිත් සී පෙරෙරා ම ය . මොවුන්ට මරණ දඬුවම් ප්‍රශ්නයේ දී ඇත්තේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක් නො ව ජීඑස්පී වලට යළි කෙළ වී යා දෝ යන බිය පමණි . රනිල් වික්‍රමසිංහ සුපුරුදු පරිදි කටේ පිට්ටු වැටී ඇති සෙයකින් කිසිවක් නොකියා සිටින්නේ වැඩේ ගැස්සී ගිය හොත් , සියල්ල සිරිසේන පිටින් යාමට සලසනු පිණිස ය.
ඒකාබද්ධය හෙවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටුවන් ද බලා ගෙන සිටින්නේ සිරිසේන කොට උඩ යන තෙක් ය. මෙය ක්‍රියාත්මක කර ගත නොහැකි වුව හොත් පුහු කයියකු ලෙස , බටහිර රටවල් හමුවේ දණ ගසන්නකු ලෙස සහ රටේ ස්වාධිපත්‍යය , ස්වෛරීත්වය පාවා දෙන්නකු ලෙස ඔහු හඳුන්වා ලීම තවදුරටත් උග්‍ර ලෙස කර ගෙන යාමට ඔවුනට හැකි වනු ඇත.එය ක්‍රියාත්මක කළ හොත් එහි විපාක ලෙස ඇති වන ජාත්‍යන්තර ආර්ථික සම්බාධකයන් නිසා සිරිසේන ඇතුලු මුලු ආණ්ඩුවේ ම ඊනියා ගම් පෙරළිය මහා ජංජාලයකට පත් වීම අනිවාර්ය හෙයින්, ඒ අතින් ද ඔවුන්ගේ මල්ල කරේ ය. නිව්යෝක් ටයිම්ස් අනාවරණයෙන් ද ගෝඨාභයගේ අපේක්ෂ කත්වයෙන් උද්ගත වූ අර්බුදයෙන් ද අපහසුවට පත් මොවුන්ට ද කලකට එල්ලී සිටීම සඳහා අනපේක්ෂිත කඹයක් මෙමඟින් මොවුනට ලැබී ඇත.
තමාගේ අස්සනේ මහා බල පරාක්‍රමය මෙමගින් ලොවට විදහා දැක්වීමට සිරිසේන සිහින මවමින් සිටිය ද , රටේ අධිකරණ පද්ධ තියෙන එක ම වර්ගයේ වරදකට දෙනු ලැබූ එක ම වර්ගයේ දඬුවමක් එකාකාරයෙන් ක්‍රියාත්මක කිරීම වෙනුවට, නීතිය අනුව එහිලා බලපෑමක් කිරීමට කිසිදු අයිතියක් නැති පමණක් නොව , පත් කිරීමට ජනාධිපතිට කිසිදු ව්‍යස්ථාමය අයිතියකුදු නැති කමිටුවක තීරණ අනුව දෙයාකාරයකින් එය ක්‍රියාත්මක කිරීමේ ඔහුගේ තීන්දුව පැහැදිලි ලෙස ම නීති විරෝධී වන හෙයින්, මෙය ජාත්‍යන්තර වශයෙන් අර්බුද ඇති කර නවා පමණක් නො ව , මුලු රට ම නීතිමය පඹ ගාලක ද පටලවලනු නොඅනුමාන ය.
==============================================
ගෝඨාභය නොකවුට් ද ?
පොහොට්ටුකාරයන්ගේ අර්බුදය උග්‍ර වෙයි!
ඒකාබද්ධයේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය තෝරා ගෙන රාජපක්ෂ පවුලේ සමගිය සුරැකෙන අනාගත රාජාවලිය සකසා ගත් බවක් පසුගිය සති කීපයේ දී මවා පෑව ද අලු යට ගිනි පුපුරු දැන් දැන් එළියට පැමිණෙමින් ඇත. තමා ජනපති පදවියෙන් තොලොංචි වී යාමෙන් අනතුරුව දිගට හරහට කෙළසමින් සිටි පන්සල් වෙත , අලුත ගෙනෙන මනාලිය ලෙස මහින්ද ගෝඨාභය ව කැන්දා ගෙන යමින් සිටිය ද , ඔහු ජය ගත හැකි අශ්වයකු නො ව , ඒකාබද්ධයේ ගෙල සිර කිරීමට සිටින හොඳ ම අශ්වයා බැව් ඒකාබද්ධයන් අතරින් ම ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ වන්නට පටන් ගති. ගෝටා බලයට ගෙනවුත් මෙරට සිය විරුද්ධවාදීන්ගේ ලෙයින් තෙත් කිරීමට බලා සිටි සහ සිටින කමල් ගුණරත්න, සරත් වීරසේකර , අජිත් ප්‍රසන්න වැන්නෝ , සිය ලේ පිපාසිත බූරු කතා මගින් , ගෝටා - භීතිකාවෙන් ඒකාබද්ධයන්ව ම බිය ගැන්වීමට තමන්ට කළ හැකි සියල්ල කළ හ. ඇත්ත වශයෙන් ම මෙහිලා ලොකු ම කාල තුවක්කු වෙඩි මුරය පත්තු කලේ අස්ගිරියේ උපාලි අනුනායක ගේ හිට්ලරාභි අනුසාසනයයි . අන්ත්මේදී අජිත් ප්‍රසන්නමත් ගෝටාගේ දුෂණ -විරෝධී කම ගැන සැක පළ කිරීමට පටන් ගෙන ඇත .
කෙසේ වෙතත් දැන් සියල්ලට තිත වැටී ඇත. දේශප්‍රේමයෙන් සියොළඟ ම ඇවිළි ඇවිළී තිබෙන බැසිල් , බේත් ගැනීම සඳහා වෙන කොහේටවත් නො ව ඇමරිකාවට ම යාමට, අධිකරණයෙන් ම අවසර ලබා ගෙන ඇත. එයත් සුලුපටු කලෙකට නො වේ; තුන් මාසයකට ය. මොන යම් හේතුවක් නිසාවත් සිය ඇමරිකන් පුරවැසිබව අත් නොහරින් නෙමැයි පසුගිය දිනෙක සිංහාවලෝකනයේ යෙදුනේ ද මේ දේශප්‍රේමී තුමා ම ය. පවුල තුළ මෝදු වෙමින් ඇති අර්බුදය විසඳා ගැනීමට මහින්ද විවිධාකාර උප්පරවැට්ටිවල යෙදෙමින් සිටින අතර තුර තම තමන්ගේ ජනපති දොළදුක සන්සිඳුවා ගැනීම සඳහා , රාජයෝග ඇති මෙන් ම නැති සමහර කෙළිකාරයෝද බොරදියේ මාලු ඇල්ලීමට පටන් ගෙන ඇත. මොවුන් අතරින් තිරයෙන් පිටුපස ප්‍රමුඛයකු වන්නේ දිනේෂ් ගුණවර්ධන ය. ගෝඨාභය 2015 ට පෙර, පර්ලිමේන්තුවෙන් පිටත රට පුරා භීෂණය පතුරවද්දී ,මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීම පවා නොකරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පර්ලිමේන්තුව තුළ භීෂණය පැතිරුවේත්, 2015ට පසු ඒකාබද්ධයේ විවෘත කඩාකප්පල්කාරී නොසන්ඩාලකම් තිරයෙන් පිටුපස සිටිමින් මෙහෙයවූයේත් මොහු ය. මේ දක්වා ම මහින්දගේ නිවට නියාලූ ඇම්බැට්ට්ටයකු ලෙස ක්‍රියා කළ මොහු දැන් බොර දියේ මාලු ඇල්ලීමට තැත් කිරීම ලෝක විහිලුවකි.ජනාධිපති අපේක්ෂකත්වය පවුලෙන් එකෙකුට දෙනවාට වඩා ඒකාබද්ධය දෙපලු තෙපලු වී යාමට ඉඩ දීමට මහින්ද දහස් වරක් සූදානම් බව මුලු රටම දනියි. එය නොදන්නේ මහින්දගේ ම මෙම නිවට නියාලූ ඇම්බැට්ටයන් පමණක් ම ය. තත්ත්වය වඩාත් බැරෑරුම් වුව හොත්, ඉන් ගොඩ ඒම සඳහා චමල් ව යොදා ගැනීමේ අපේක්ෂාවෙන් , සිය නිට නියාලූ ඇම්බැට්ටයන් අතරින් තමාට සියයට සියයක් ෂුවර් අහැළියගොඩ දේශපාලන වසලයා ලවා කල් තියා ම එම නම යෝජනා කරවා ගැනීමට මහින්ද ක්‍රිය කලේ ඒ අනුව ය. කෙසේ වෙතත් , 1956 දී අටවා ගැනුණ මහජන එක්සත් පෙරමුනු ආණ්ඩුවේ ඇමතියකු බවට පත් වී, සිය ඇමති සගයන්ට ලොම්බා , නොන්ඩියා යනාදී නියම ම ජාතික චින්තන වදනින් සංග්‍රහ කරමින් යකා නටා, ඉන් බිඳී යාමෙන් පසු මහජන එක්සත් පෙරමුණු නාමය සොරා ගෙන රෝදය ලකුණ ද කරට ගත් පිලිප් ගුණවර්ධනගේ වැඩිමහල් පුත්‍ර රත්නය ලෙස දිනේෂ් ද ,ඔහුගේ අරමුණ ඉටු වී පොහොට්ටුවෙන් ජනපති අපෙක්ෂකත්වය ලබා ගත හොත්, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු නාමය පමණක් නො ව පොහොට්ටුව ලකුණ ද ඩැහැ ගනිමින් සිය පියාගේ අඩි පාරේ යාම බෙහෙවින් ම සිදු විය හැක්කක් බව, පිලිප්ගේ බිඳී යාමෙන් පසු පමණක් බණ්ඩාරනායකගෙන් ඇමතිකමක් ලබා ගත් ඩී.ඒ.රාජපක්ෂ ගේ පුත් මහින්ද හොඳාකාරව ම දනියි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජනපති අපෙක්ෂකත්වය පිළිබඳ තිත්ත ඇත්ත නම්, දූෂකයකු නොවන ,භීෂකයකු නොවන, කොටින් කිව හොත් ජනතා විරෝධී අමු තක්කඩියකු නොවන කිසි ම නායකයකු එහි නොමැති බව ය.එවැන්නකු ගොඩ නඟා ගැනීම වෙනුවට , ජනතාව සිය ඡන්ද බලය මගින් දෙවරක් ම පලවා හරිනු ලැබූ සහ සියලු තක්කඩිකම්වල ප්‍රතිමූර්තය වූවකු වන්දනමාන කිරීමෙන් පසු, හදිසියේ නින්දෙන් අවදි වූවාක් මෙන් මෙලෙස ක්‍රියා කිරීමෙන් මොනයම් දෙයක් හෝ වෙනස් නොවනු ඇත.
**************************************************
ප්‍රංශ ජනපති ආරක්ෂක ප්‍රධානියාගේ
මැයි දින මැර ප්‍රහාරයක් ප්‍රංශය කළඹයි!
මැයි දිනය මැයි 7 දාට වෙනස් කිරීමට මෙරට ජනාධිපති සිය ධුරයේ බලය අයථා ලෙස යොදවද්දී , ප්‍රංශ ජනාධිපතිවරයා සිය විවෘත කම්කරු විරෝධී වැඩපිලිවෙලට එරෙහි ව මැයි දිනයේදී වීදි බට ජනතාවට එරෙහිව ගෙන ගිය වැඩ පිළිවෙලෙහි එක් සුවිශේෂී පියවරක් හෙළිදරව් වීමෙන් , මේ වන විට එරට දේශපාලනය ගිනි ගනිමින් ඇත. ඒ, එදින ජනාධිපති ආරක්ෂක ප්‍රධානියා පොලිස් නිල ඇඳුමක් ද සොරා ගෙන එය පැළඳ පෙළපාලියක යමින් සිටි තරුණයකුට ගෝඨාභයවාදී ලෙස දිගට හරහට අම්බානට පහර දෙන අයුරු දැක්වෙන ඡායාරූපයක් එරට ප්‍රධාන ම පුවත් පත වන '' ල මොන්ද් ' හි පසුගිය සතියේ පළ වීමත් සමඟ ය.
මාස දෙකකට වැඩි කලක් සිද්ධිය සඟවා ගෙන සිටි එරට ජනාධිපති එමෑනුවෙල් මැක්‍රොන් සිදිධිය හෙළි වූ පසු ද සතියකට වැඩි කලක්, රනිල් වික්‍රමසිංහගේ කටේ මහේන්ද්‍රන් හිරවූවාක් මෙන් නිශ්ශබ්ද ව සිට ඊයේ පෙරේදා වීර සෙයියවෙන් කියා සිටියේ එය අදාළ පුද්ගලයාගේ ක්‍රියාවක් නිසා තමාට එහි වගකීමක් නොමැති බව ය .අපේ අයියලා මෙන් ම ය! එය එසේ නම් , පුවත් පත එය අනාවරණය කරන තෙක් එය සඟවා ගෙන සිටියේ මන්දැ යි ඔහු පැහැදිලි කර නැත. අනෙක , එම ක්‍රියාව සම්බන්ධයෙන් එම නිලධාරියාගේ වැඩ සති දෙකකට තහනම් කිරීම ද සිදු කර තිබුණා නම්, සිද්ධිය මාස දෙකක් සඟවා ගෙන සිටීමට හේතුවක් ද නැත. ඒ අනුව, වැඩ තහනම් කිරීම කලේ , සිද්ධිය හෙලි වුව හොත්, ඇඟ බේරා ගැනීමේ පූර්ව සූදානමක් ලෙස බව ද පැහැදිලි ය. මැක්‍රොන් දැන් කියන්නේ එම සිද්ධිය අරභයා ඇති වී තිබෙන්නේ ''තේ කෝප්පයේ කුණාටුවක් " බව ය. එහෙත් එය අදාළ නිලධාරියා තෙවසරකට සිර දඬුවමක් ලැබීමෙන් පමණක් නො ව , මැක්‍රෝන් එයට කෙළින්ම සම්බන්ධ බව ඔප්පු වුව හොත්, ඔහුගේ තනතුරට ද කණකොකා හැඬවීමට ද තත්ත්වය සකසමින් ඇත. කෙළින් ම සම්බන්ධ නැතත්, ඔහු මවා ගෙන සිටි ''ජෙන්ටල්මන්'' ප්‍රතිරූපය නම් මේ වන විටත් හොඳ හැටි ඉරි තළා හමාර ය. ප්‍රංශ කම්කරු පංතියේ අයිතීන් උපරීම ව කප්පාදු කිරීමේ සිය ධනේශ්වර වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාමේ දී යොදා ගැනීමට මැක්‍රොන් සකසා තිබූ මැරවර සැලසුම් යළි සකසා ගැනීමට මේ අනුව ඔහුට සිදුවනු ඇත; එහෙත් ඔහු එම වැඩ පිළි වෙල නම් කිසිසේත් ම අත් නොහරිනු ඇත.
මෙම සිද්ධිය සම්බන්ධ යෙන් කෙරෙන පාර්ලිමෙන්තුමය සහ අධි කරණමය විභාගයන් කඩිනමින් සිදු වන අතර අදාළ නිලධාරියා ජනපති බේරා ගත හැකි වන අන්දමේ ප්‍රකාශයක් කර ඇත. පාර්ලිමේන්තුවට ගෙන ඒමට යන විශ්වාස භංග යෝජනා මැක්‍රෝන් සතු පාර්ලිමේන්තු බහුතරය අනුව පරාජය වීමට නියමිත වුවත් , එම විවාදයේ දී හෙළි වීමට නියමිත කරුණු අනුව සිද්ධියට හෝ එය සඟවාලීමට හෝ ඇති ඔහුගේ සබඳතා තවදුරටත් තහවුරුවීම අනිවාර්ය ය.ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අති ශය සැක කටයුතු ක්‍රියා මාර්ගයන් නිසා නන්නත්තර වී ඇති බටහිර අධිරාජ්‍යවාදී කඳවුර එක්තන් කර කිරීමට නායකත්වය දීමෙහිලා කෙරුණ මැක්‍රොන්ගේ සැලසුම් ද මේ අනුව අර්බුදයට ලක්වී ඇත. කිසිවක් ම් සිදු නො වූ අයුරින් ක්‍රියා කිරීමේ රනිල් වික්‍රමසිංහගේ ක්‍රමය අකුරට ම පිළිපැදීම මැක්‍රොන්ගේ ක්‍රමය වුවත් , එය ශ්‍රී ලංකාව නො ව ප්‍රංශය වන නිසා මැක්‍රොන්ගේ සෙල්ලම මෙහේ මෙන් ම දිගට ම ගෙන යා නොහැකි වනු ඇත.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඩොනල්ඩ් ට්‍රම්ප් එන්න හදන්නේ මොකාට ද ?
ඇමරිකාව විනාශ කිරීමට තමන් කිසිත් නොකරන බවත්, ඩොනල්ඩ් ට්‍රම්ප් එය නියමෙට කරනු ඇති බවත් ට්‍රම්ප් ජනාධිපති බවට පත් වූ විගස අයිඑස්අයිඑස් සංවිධානය නායකයා ප්‍රකාශ කලේ ය. ලෝකයේ නායකයන් මෙන් ම ප්‍රවීණ යැයි කියා ගන්නා දේශපාලන විචාරකයන් හුදු ත්‍රස්තවාදියකු ලෙස හඳුන්වන මේ නායකයා , ඔවුන්ට වඩා කෙතරම් නිවැරදි ලෙස එම දේශපාලන විග්‍රහයේ යෙදී තිබේ ද යන්න ට්‍රම්ප්ගේ ඔල්මොරොන්දම් , පරස්පර-විරෝධී පමණක් නො ව අතිශය සැක කටයුතු තරම් වූ ප්‍රකාශයන් සහ ක්‍රියාවන් අනුව මොනවට ඔප්පු වේ.
පසුගිය දා හෙල්සින්කිවල දී රුසියානු ජනපති පුටින් හමුවේ දී එකක් කියා , ඉන්පසු ගෙදර ආවිට ඊට හාත්පසින් ම ප්‍රතිවිරුද්ධ දෙයක් කියා, තවත් ටික මොහොතකින් තවෙකක් කියූ මොහු මෙසේ කරන්නේ හුදු ඔල්මාදයකින් නොවන බව ඉතා පැහදිලි ය. ජර්මනිය රුසියාවේ ප්‍රාණ ඇපකරුවකු වී ඇතැයි, ඇන්ජිලා මර්කල් හමුවීමට මොහොතකට පෙර ප්‍රසිද්ධියේ කිය සිටි මොහු, පුටින් හමුවේ දී ක්‍රියා කලේ තමා රුසියාවේ ප්‍රාණඇපකරුවකු වූවාක් මෙනි. පසුගිය ජනපතිවරණයේ දී රුසියාව අයථා ලෙස මැදිහත් වීම දිගින් දිගට ම ප්‍රතික්ශේප කරමින් සිට, ඒ බවට පුටින් සමග එකට පැවති සාකච්ඡාවක දී පුටින්ගෙන් ම දෘඪ සහිතිකයක් ද ලබා ගත් මොහු, ඇමරිකාවට ආපසු ගිය විට කියා සිටියේ රුසියාව එසේ මැදිහත් වූ බව තමා පිළිගන්නා බව ය. එමතු ද නො ව, මැද පෙරදිග දී රුසියවේ ප්‍රධාන ම හවුල්කරුවා ලෙස ක්‍රියා කරන ඉරානයට මොහු මෑත දී හිට්ලර්වාදී තර්ජනයක් කරමින් අනතුරු හැඟ වූයේ, නැවත වරක් ඉරානය ඇමරිකාවට තර්ජනය කළ හොත් , ලොව අන් කිසිදු රටක් අත් නොවිඳි ආකාරයේ නොකවුට් ප්‍රහාරයකට ඉරානය ගොදුරු කරන බව කියමිනි. මේවා , චීනයට පමණක් නොව බටහිර අධිරාජ්‍යවාදී හවුල්කරුවන්ට ද එරෙහිව ආරක්ෂණවාදී තීරු බදු පැණවීමට අමතරව ය.තමා රුසියාව සමග පූට්ටුවී ක්‍රියා කළ බවට වූ චෝදනාව දැඩි ලෙස විභාග වෙමින් පැවතිය දී, එම කාරණයෙන් අවධානය ඉවතට යොමු කරනු වස්, තෙරේසා මේ සහ මැක්‍රොන් මාට්ටු කර ගෙන සිරියාවට එරෙහිව සීමිත ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමට ද මොහු ඉදිරිපත් විය.එය එතැනින් ම හමාර වූයේ ප්‍රහාරයේ අරමුණ ගැන කිසිදු සැකයකට ඉඩ නො තබමිනි.
මේ අතර තුර මොහුගේ ගෑනු හුටපට සහ වෙනත් විවිධ සෙල්ලම් ද හෙළිවීමත් උද්ගත වෙමින් වෙමින් තිබෙන තත්ත්වය තුළ දී සිය හුදු පැවැත්ම උදෙසා මොහු මුලු ලොව ම කෙවන් වූ විපතකට හෙළනු ඇත්දැයි ඇමරිකානුවෝ ම විපිළිසර ව බලා සිටිති. තමා ට්‍රම්ප් ව හදාරමින් සිටින බව , ඔහු බලයට පත් වූ සමයේ ගෝඨාභය ද ප්‍රකාශ කළ බව තවත් අනතුරු හැඟවීමක් වශයෙන් මෙහිලා සටහන් කර තැබීම කාගෙ කාගේත් යහපත් පිණිස වනු ඇත.
==============================================
පාකිස්තානයේත් සාම්ප්‍රදයික පක්ෂ නොකවුට්
ජූලි 25 දා පාකිස්තානයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුතු පකිස්තාන්-එ-ඉන්සාෆ් (පිටීඅයි) පක්ෂය ජය ලබා ගත්තේ, සාම්ප්‍රදායික පක්ෂ කෙරෙහි ලෝකයේ බොහෝ රටවල ජනතාවන් දක්වන පිළිකුල අනුව ඒවා අතුගා දැමීමට ඔවුන් ක්‍රියා කිරීමේ ප්‍රවනතාව පිළිබඳ ව අප කළ අවධාරණය තවදුරටත් සනාථ කරමිනි.මෙය ඉම්රාන් ඛාන් ක්‍රිකට් ක්‍රීඩයකු ලෙස ලැබූ ජනප්‍රියතාවේ ප්‍රතිඵලයක් නො වේ. එය එවැන්නක් විණි නම්, 1992 ලෝක කුසලාන ජයග්‍රහණය කිරීමෙන් ලද උණුසුම තවමත් හිණි පෙත්තේ තිබූ 1996 දී අවම වශයෙන් ඔහු මන්ත්‍රීවරයකුවත් විය යුතු ව තිබිණ . එය එසේ නොවූවා පමණක් නො වේ. ඔහු තරග කළ ආසන 9 න් ම පරජයට පත් විය. ඔහුට මෙම ජය ලබා ගැනීමට වසර 22ක් ම බලා සිටීමට සිදු විය.එනම්, සාම්ප්‍රදායික පක්ෂ අන්තයටම කුණු වී අතැ යි ජනතාව නිශ්චිතව ම තීරණය කරන තෙක් සිටීමට සිදු විය; ඇත්ත වශයෙන් ම එම තීරණය ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවනතාවක් බවට පත් වන තෙක් ම සිටීමට සිදු විය. ඔහු ජය ගත්තේ හමුදාව විසින් කරනු ලැබූ ඡන්ද මගඩිවල ආධාරයෙනැයි පරාජිත පක්ෂ කරන චෝදනාවේ සත්‍යයක් නැත්තේ ම නොවේ . එහෙත් ඔහුගේ ජයග්‍රහණය හුදෙක් එවන් ඡන්ද මගඩිවල ම ප්‍රතිපලයක් ලෙස හුවා දක්වීමට එම පරාජිතයන් ගන්නා උත්සාහය අමු විහිලුවකි. නවාස් ෂරීෆ්ලා - බුට්ටෝලා මාරුවෙන් මාරුවට දිගින් දිගට ම කළ රාජපක්ෂ වර්ගයේ නොසන්ඩාලකම් අනන්තයට යන තෙක් ම එරට සියලු ජනතාව ඉවසා වදාරනු ඇතැයි ද , ඉවසා වැදෑරිය යුතු යැයි ද මේ පරාජිත පප්පලා සිතූ බව සහ සිතන බව ඉන් පැහැදිලි වන එක ම කරුණ වේ. හරියට ම මෙහේ රාජපක්ෂවාදීන් 2015 ට පෙර සහ සමහර විට, ඉන් සමහරක් තවමත් සිතනවාක් මෙන් ම ය. එහෙත් කිසි ම ජනතාවක් සැමදා එසේ ඉවසන්නේ නැති බව මේ වසර දෙක තුන තුළ රටවල් ගණනවක ම ප්‍රවණතාව නොවරදින සේ පෙන්වා ඇත. සමහර අවස්ථාවන්හි දී මොනයම් ම ප්‍රසිද්ධියක්වත් නොතිබූ අය ව පවා සමහර රටවල ජනතාව සිය උපකරණ බවට පත් කර ගත්හ.
අද ශ්‍රි ලංකාවේ ද පවතින්නේ ද මෙවන් තත්ත්වයකි. ප්‍රධාන පක්ෂ මෙන් ම නායකයන් ද තුට්ටුවක් නොවටිනා පට්ට හොරුන් රැළක් බව ජනතාවගෙන් අති විශාල බහුතරය තේරුම් ගෙන අවසාන ය. දනට ඇත්තේ ඒ ඒ ජනමාධ්‍ය මගින් තම තමන්ගේ න්‍යාය පත්‍ර අනුව දිනපතා පුම්බා දක්වන බොල් පිළිම පමණි. තම තමන්ගේ පන්සලට අනාගතයේ මාර ගතමනාවක් ලබා ගැනීමේ පදනම මත කෙළසා දැමීමට ඉඩ දෙමින් සමහරක් භික්ෂූන් ද ඊට සම්මාදන් වන අයුරු, මහින්දගේ දෛනික පන්සල් කෙළියෙන් පැහැදිලි වේ.ජනතාවට විශ්වාසය තැබිය හැකි නායකත්වයක් කල් නොමරා වහවහා ගොඩ නගා ගත හොත්, එමගින් අඛණ්ඩ මහා ප්‍රචාරක සංග්‍රාමයක් දියත් කළ හොත් පකිස්තානයේ දී මෙන් ම මෙහි දී ද මෙම බොල් පිළිම කම්බස් වී යාම නවතා ලීම කිසිවකුටත් කළ නොහැකි වනු ඇත.
*********************************************
** ඒ ඒ කලාප පළ වීමත් සමඟ අන්තර්ජාල සම්බන්ධතාව විසන්ධි වීමේ රෝගයක් මගේ පරිගණකයට වැළඳී පුරුද්දකට ගොස් ඇත. ඒ අනුව පසුගිය කලාපය පළ කළ නොහැකි විය. මීළඟ පත්‍රය අගෝස්තු 5 වැනි දින පළ කළ හැකි වෙතැයි අපේක්ෂා කරමි.
Comments
Post a Comment