Posts

Showing posts from August, 2018
Image
2018 අගෝස්තු 26                                            කලාපය 8    මැතිවරණ  කල් දැමීමේ  ලෝකය හිනස්සන ගුණ්ඩු       තමන්ගේ ම පණතක් පාර්ලිමේන්තුව තුළ  දී අන්ත පරාජයකට  පත් කරමින් මෛත්‍රී-රනිල් ආණ්ඩුව සිය අරපයිත්තියන්කමේ දිග පළල  කෙතරම් දැ යි මුළු ලොව හමුවේ ප්‍රදර්ශනය කලේ නිර්ලජ්ජිතකමේ අන්තිම නූල් පොටත් ගලවා දමමිනි.  *  පණතට  පක්ෂ ව    - ඡන්ද  0  ( බින්දුවයි ) *  පණත ඉදිරිපත් කළ ඇමති  මුස්තාපා - උන්දැත් විරුද්ධයි ! *  පණත මගේ නෙවෙයි! -ඇමති මුස්තාපා  (මගේ නෙවෙයි    නම්           ගෙනාවෙ මොකද බොල? ) *විපක්ෂ ව -ඡන්ද 139  (මැතිවරණ ඕනෑ යැයි කෑගැසූ ඉතිරි  86 දෙනා කොහි ද? ) ...
Image
2018  අගෝස්තු 19                                                       කලාපය 7           කීත් නොයාර්  ගැන  මහින්දගෙන් ප්‍රශ්න කිරීම     මහින්ද රාජපක්ෂ රාජ්‍ය සමයෙහි සිදු කරන ලද දහසකුත් එකක් අපරාධ අතරින් එකක් වූ කීත් නොයාර් මාධ්‍යවේදියාට අමානුෂික  ලෙස පහර දී මරා දැමීමට තැත් කිරීම සම්බන්ධයෙන්  එම රාජපක්ෂගෙන් අගෝස්තු 16 දා සීඅයිඩීය විසින්  ප්‍රශ්න කරනු ලැබී ය. මෙවන් ප්‍රශ්න කිරීම්වලින් කට්ටි පැනීම ජානමය පුරුද්දක් බවට පත් කර ගනිමින් සිටි  මේ හොර පවුලේ  අනික් අය මෙන් ම  මෙතුමා ද  අන්තිමේ දී  කට උත්තරයක් දුන්නේ ය. නීතිය නවන බවට වෙනදා ආණ්ඩුවට  කෝචෝක් දමන මුන්නැහේ සහ ඇට්ටැඹි  රැළ  මොහු සීඅයිඩීයට නොගොස...
Image
  2018 අගෝස්තු 12                                                     කලාපය 6   විකල්ප නායකත්වයක් ගොඩනැඟීම සඳහා  ඉදිරියටම     යූඇන්පී - ශ්‍රිලනිප - ශ්‍රිලපොජපෙ  යන ධනේශ්වර ගුබ්බෑයම්  තුනේ  අන්ත බංකොලොත් ක්‍රියා මාර්ගයන්  හමුවේ මුලු රට ම නන්නත්තාර වී තිබීම මගින්  පමණක් නොව , ඒ සියල්ල පරාජය කොට  රට ධනේශ්වර විරෝධී මාවතකට යොමු කිරීමට කැප වූ විකල්ප නායකත්වයක් ගොඩ නඟා ගැනීමට එම ගුබ්බැයම් තුනටම එරෙහි යැයි කියා  සිටින කොටස්  කිසිම දෙයක් නොකිරීමේ කරුණ  මඟින් ද වර්තමාන දේශපාලන තත්ත්වය  සුවිශේෂී කර දක්වනු ලැබේ. ගතවන දිනක් පාසා තත්ත්වය වඩ වඩාත් සංකීර්ණ වෙද්දී ,මේ කොටස් අනාගත  සටන සඳහා තබා අද කළ යුතු සටන සඳහාවත්  කිසිම දෙශපාලනමය සූදානම් වීමක් කරනු දැකිය නොහැක. පවත...
Image
  2018 අගෝස්තු  05                                             කලාපය 05                 ජන පීඩනයට නිමාවක් නැද්ද ?    ජනතාවට සෙත සැලසීම ගැන , දුප්පත්කම නැති කිරීම ගැන නිමක් නැතිව මැත දොඩන ආණ්ඩුව මැතිවරණ ආසන්න වීම ද නොතකමින් නොකඩවා ම  බදු වැඩි කරමින්  සහ බඩු මිල වැඩි කරමින් ජනතාවගේ ජීවන බර ඉහළ දමමින්  ඇත්තේ , ආණ් ඩුව රට ගෙනවුත් ඇති ආර්ථික පරිහාණි ය අනුව  එයට වෙන කිසියම් ම මාවතක් නොමැති හෙයිනි.රාජපක්ෂලා රට සිර කළ මහා ණය උගුල කිසිසේත් ම ගැලවී ගත නොහැකි තරම් වන්නේ ය යන සැබෑ කරුණ පසු පස සැඟ වෙමින් සහ එය හුවා දක්වන අතර ම  මෙම ආණ්ඩුව කරන්නේ ද දිගින් දිගට ම මහා පරිමාණ ණය ගනිමින් සහ විකිණිය හැකි සියලු ම සම්පත් විකුණා දැමීම ය.ඊට අමතරව ණය ගෙවා දැමීමට යැයි කි...