2018 අගෝස්තු 05 කලාපය 05
ජන පීඩනයට නිමාවක් නැද්ද ?
ජනතාවට සෙත සැලසීම ගැන , දුප්පත්කම නැති කිරීම ගැන නිමක් නැතිව මැත දොඩන ආණ්ඩුව මැතිවරණ ආසන්න වීම ද නොතකමින් නොකඩවා ම බදු වැඩි කරමින් සහ බඩු මිල වැඩි කරමින් ජනතාවගේ ජීවන බර ඉහළ දමමින් ඇත්තේ , ආණ් ඩුව රට ගෙනවුත් ඇති ආර්ථික පරිහාණිය අනුව එයට වෙන කිසියම් ම මාවතක් නොමැති හෙයිනි.රාජපක්ෂලා රට සිර කළ මහා ණය උගුල කිසිසේත් ම ගැලවී ගත නොහැකි තරම් වන්නේ ය යන සැබෑ කරුණ පසු පස සැඟ වෙමින් සහ එය හුවා දක්වන අතර ම මෙම ආණ්ඩුව කරන්නේ ද දිගින් දිගට ම මහා පරිමාණ ණය ගනිමින් සහ විකිණිය හැකි සියලු ම සම්පත් විකුණා දැමීම ය.ඊට අමතරව ණය ගෙවා දැමීමට යැයි කියමින් බදු පණවමින් සහ බඩු මිල වැඩි කරමින් ජනතාව නිමක් නැති ප්‍රපාතයයකට තල්ලු කර දැමීම ය.ඒ අතර ම මැති ඇමතියන්ගේ වැටුප් සහ වෙනත් දිමනා නිර්ලජ්ජිත ලෙස පිමි ගණනින් වැඩි කර ගැනීම ය. එමගින් ඔවුන් කරන වඩාත් ම සහගහන අපරාධය වන්නේ, සිය අධම දූෂිත පාලනය යළි ස්ථාපිත කර ගෙන තමන්ගේ මහා ජතික මංකොල්ලය සම්බන්ධයෙන් විභාග වීමට නියමිත නඩු අකුලා ගෙනා මහා සුද්දවන්තයන් ලෙස වැජඹීමට රාජපක්ෂ හොර පවුලට පාර කැපීමේ කරුණ ය.
''යළි පුබුදමු" ශ්‍රී ලංකා වෙනුවට තමන්ගේ පටු කමට සරිලන සේ සැකසුණ ''පුබුදමු පොළොන්නරුව'' මගින් සිය ඡ න්ද පදනම වැඩි කර ගැනීමට ජනාධිපති විවිධ හෙයියම්මාරු දමද්දී රට වටේ යමින් ගොල්ෆ් පිට්ටනි ට්‍රිබල් ගණනින් ද ක්‍රිකට් පිට්ටනියක් - එයත් එසේ මෙසේ එකක් නොව ජාත්‍යන්තර ක්‍රිකට් පිට්ටනියක් ම - තිබෙන ගාල්ලේ ම තවත් ක්‍රිකට් පිට්ටනියක් තැනීමේ සුපුරුදු වයි ෆයි ටෝක් දෙමින් අගමැතිවරයා ක්‍රියා කරන්නේ, හම්බන්තොට දිස්ත්‍රික්කය අනාගත රාජධානිය කිරීම සඳහා එය සකල සිරින් පුරවාලීමට රාජපක්ෂ සැකසූ සැලසුම් කම්බස් වී ගිය අයුරු ගැන වගේ වගක් නැති ව ය. මොවුන්ගේ ඊනියා චින්තනවලට අනුව රට සංවර්ධනය කිරීමේ එක ම මග, සමස්ත රටම ආවරණය වන සංවර්ධන සැලසුමක් නො ව, මෙවන් සෙප්පඩ විජ්ජාවන් ය.ඒ අනුව කළ යුතු ව ඇත්තේ, වරිවර, ඒ ඒ දිස්ත්‍රික්කයෙන් රාජ්‍ය නයකයා පත් කර ගැනීමය. එවිට, එම නායකයා ඒ ඒ දිස්ත්‍රික්කය "පුබුදුවනු'' ඇත. කල් ඇවෑමෙන් සියලු දිස්ත්‍රික්ක පිබිදී , අවසන රට ම "පිබිදෙනු" ඇත. මොවුන් මෙසේ පුබුදුවා අවසන් වන විට, ඒ සඳහා බදු බරින් පීඩිත වන ජනතාව වැළලී යනු ඇත!
මෙවන් විකාර නරඹමින් සදා පීඩනයේ සිටිනවා ද, නොඑසේ නම්, මොවුන් දේශපාලන භූමියෙන් අතුගා දැමීමට වහ වහා මුලික පියවර ගන්නවා ද යන්න කම්කරු පන්තිය ප්‍රමුඛ සකලවිධ පීඩිතයන් හමුවේ ඇති දැවෙන ප්‍රශ්නයයි.
*******************************************
මන්ත්‍රී වැටුප් නහුතෙට නඟී!
මන්ත්‍රීන්ගේ වැටුප් ඇදහිය නොහැකි අන්දමින් වැඩි කිරීමට යාමේ පුවතින් ඇවිලෙන්නට පටන් ගත් ජනතා කෝපය හමුවේ , එවැන්නක් නොමැති බවටත්, සමහර මන්ත්‍රීවරුන් තමන් එයට විරුද්ධ බවටත් , මහින්ද මහරජු කාලයේ මේ සියලු දෙනාගේ අනුමැතියෙන් ඇති කර ගත් සූත්‍රයකට අනුව එය ඉබේ ම සිදු වන නිසා කරන්නට දෙයක් නැති බවටත් කෙරෙන ප්‍රතිවිරුද්ධ ප්‍රකාශයන් හැම දෙසින් ම ඇසෙන්නට පටන් ගෙන ඇත.එහෙත් ජනාධිපති හෝ අගමැති හෝ වචන මාත්‍රයකුදු ප්‍රකාශයට පත් කොට නොමැත. දෙන්නා දෙපොලේ ඡන්ද කරත්තය දක්කා ගෙන යමින් ,එවැනි පුවතක් ගැන හාංකවිසියක්වත් නොදන්නා අයුරින් සිටිති.2006 තමන් ඇති කළ එවන් සූත්‍රයක් ගැන මෙලෝ සංසාරයක් නොදන්නා අයුරින් මහින්ද මහරජා, රටේ පන්සල් එකක් නෑර කෙළසා ගිනස් වාර්තාවක් තැබීමේ සිය නාඩගම් ව්‍යපෘතිය දෛනික ව ගෙන යමින් ඇත.වැටුප් වැඩි කළ හොත් එය සිය මඩිස්සලයට ඔබා ගැනීමත්, වැඩේ ගැස්සී ගිය හොත් වැටුප් වැඩි කිරීමට ගත් උත්සාහය ආණ්ඩුවට එරෙහි ප්‍රචාරක අවියක් කර ගැනීමත් ඒකාබද්ධයේ වැඩ පිළිවෙල වේ.
ජනතාවගේ ජීවන බර අනුකම්පා විරහිත ව උසුලා ගත නොහැකි තත්ත්වයකට පත් කරන අතර ම මන්ත්‍රීවරුන්ගේ උදර පෝෂණය මෙලෙසින් සලසා ගැනීමේ යෝජනාවක් වහ වහා අකුලා ගැනීම වෙනුවට, එවැන්නක් ගැන කතා කරමින් කාලය නාස්ති කිරීමට සැලස්වීම ම , මේ සියලු දෙනා දේශපාලන භූමියෙන් තොලොංචි කර දැමීම හැර අන් විකල්පයක් ජනතාවට නොමැති බව එක් දහස් එක් වෙනි වරටත් තහවුරු කරන්නේ ය.
==============================================
මැතිවරණ කල් දැමීම වහා නවතව්!
2015 බලයට පහ් වූ තන් සිට ම නියමිත මැතිවරණයන් ව්‍යාජ හේතු දක්වමින් දිගින් දිගට ම කල් දැමීම සිය ප්‍රතිපත්තිය කර ගත් ඊනියා යහපාලන ආණ්ඩුව දැන් පළාත් සභා මැතිවරණයන් ද කෙසේ හෝ කල් දමා ගැනීමට ක්‍රියා කරමින් ඇත. මෙය මූලික වශයෙන් ම ජනාධිපතිගේ ශ්‍රිලනිපය මුලුමනින් ම රොඩ්ඩක් බවට පත්වී ඇති බව වහංගු කර ගැනීමේ ඒකායන අරමුණෙන් කරන්නකි. එය සාර්ථක කර ගැනීම සඳහා ඊට සුදුසු ම පුද්ගලයා ලෙස ෆයිස්ර් මුස්තපා පත් කර ගැනීමෙන් නොනැවතුණ ජනාධිපති සිරිසේන , තමාට හමු වූ හොඳ ම ඇමතිවරයා මුස්තාපා බව වරෙක නොවලහා වරෙක ප්‍රසිද්ධියේ ම වදාළේ ය. මෙම මැතිවරණ කල් දැමීම සඳහා මොවුන් යොදා ගන්නා ගුණ්ඩුව වන්නේ , ඒ ඒ කොට්ඨාශයට මන්ත්‍රීවරයකු තෝර පත් කර ගත හැකි වන සේ මැතිවරණ ක්‍රමයක් සකසා ගන්නා නව මැතිවරණ ක්‍රමයක් අවශ්‍යය යන කරුණ ය. බැලූ බැල්මට හරි ම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පෙනුණ ද මෙය හුදෙක් ම මැතිවරණ කල් දැමීමේ උපක්‍රමයක් බව ප්‍රායෝගික ව ම ඔප්පු වී අවසාන ය. අනෙක, මොවුන් ඇති කළ ක්‍රමයේ රඟ පළාත් පාල න ජන්දයේ දී මොනවට ප්‍රදර්ශනය විය.
මෙහි දී වඩාත් ම පුදුමාකාර කරුණ වී ඇත්තේ , නව ක්‍රමය තවමත් සම්මත වී නැති තත්ත්වය තුළ දී පවතින ක්‍රමය අනුව මැතිවරණ පැවැත් විය යුතු වුවත් , මැතිවරණ කොමිසම එය නොකිරීම ය. පක්ෂ නාය කයන් කරන කියන දේවල් මැතිවරණ නීතියට අදාළ නැත.මැතිවරණ කොමිසම ක්‍රියා කළ යුත්තේ පවතින නීතිය අනුව ක්‍රියා කිරීම ය. පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කිරීමෙන් තොරව, ඉදිරියේ සම්මත වේ යැයි සිතා ගන්නා නීතියක් මත පදනම් වී ක්‍රියා කිරීමට මැතිවරණ කොමිසමට කිසිම බලයක් නැත. එහෙත් දිගින් දිගට ම සිදු වෙමින් ඇත්තේ එයයි. මේ අනුව පාර්ලිමේන්තු මැතිවරණ පමණක් නො ව ජනාධිපතිවරණය පවා කල් දමා ගැනීමට කූටෝපායයන් හි නිරත වුව හොත් කිසිවකුත් පුදුමයට පත් නොවිය යුතු ය. මොන මොන සෙල්ලම් දැමුවත් ජනාධිපතිත් ඔහුගේ ශ්‍රිලනිප රොඩ්ඩත් ඉදිරි මැතිවරණවල දී හාන්සි වීම නියතයකි.
########################################
රනිල් ගෙනත් දෙ නවා යැයි කියූ
අර්ජුන් මහෙන්ද්‍රන් හොරාත් නැහැ!
මහින්ද ගෙනැත් දෙනවා යයි කියූ
උදයංග වීරතුංග හොරාත් නැහැ!
අධිකරණයෙන් අවසර ගෙන ඇමරිකාවට ගිය
ජාලිය වික්‍රමසූරිය මචනුත් නැහැ!
ඩුබායි වලට පැන ගත් ,උන්ට නොවෙනස් මාකඳුරේ මදූෂ්ලාත් නැහැ !
දේශප්‍රේමී බෙහෙත් ගන්න ඇමරිකාවට යන
බැසිලුත් නැතිවෙයි ද?
*********************************
ඒකාබද්ධයේ ජංජාල
අසවල් දා අසවල් දා ආණ්ඩුව පෙරළන බවටත් මහින්ද අගමැති කරන බවටත් 2015 ජනවාරි 8 දා මහින්ද බලයෙන් චුත වූ තැන් සිට වහසි බස් දොඩන රාජපක්ෂ පවුලේ බත් බැලයන් රැළ එම නරිනාටකය නවතන බවක් පෙනෙන්නට නැත.එමා නරි නාටකයේ ප්‍රධාන භූමිකාවක් රඟ දක්වන අතිශය ජුගුප්සාජනක නියම ම නරියකු වන ඩිලාන් පෙරේරා ට අනුව එම කාර්යය ඉටු කර ගැනීමේ අලුත්ම අවසන් දිනය 2019 අප්‍රෙල් නව වසර දා ය.අනෙක් සියලු ම නරීන්ගේ ඒකායන අරමුණ ද මහින්ද අගමැති පුටුවේ හිඳුවා ලීම බව උන් හැම එකා ම දින පතා ම වමාරන ''සංකල්ප" අනුව කිසිවකුටත් රහසක් නො වේ.යූඇන්පී-විරෝධී ජනතාව ගෙන් අති විශාල කොටස පොහොට්ටුව වටා පෙළ ගැසී සිටින බව පළාත් පාලන ඡන්දයේදී මොනවට සනාථ ව තිබියදී, එම ඡන්දයේ දී ම ඇප රාජසන්තක වන තරම් තත්ත්වයකට පත් මෛත්‍රීපාලගේ ආණ්ඩුවක අගමැති කරන්නට මේ සා කැසිල්ලක් ඇති කර තිබෙන්නේ ඉදිරියේ ඇසීමට නියමිත නඩු විභාගයන් හි දී , ඒවා නියමිත පරිදි විභාග වීම වළකා ගත නොහැකි වුව හොත්, මහින්දගේ සායම මුලුමණින් ම සේදී යාම අනිවාර්ය හෙයිනි.දිගුකාලීනව ගත් විට , 2015ට පෙර කළ පරිදි ආණ්ඩු බලය සුපුරුදු පරිදි නීච ලෙස අවභාවිතයේ යෙදිය හැකි හෙයිනි.මස් කටු සූප්පුවන් තුරුලු කර ගැනීම නිසා යූඇන්පී-විරෝධී ජනතාව තමන්ගෙන් ඈත් වීමට ඇති හැකියාව නොතකා , ඔවුන් තුරුලු කරගැනීමට මහින්ද ක්‍රියා කරන්නේ මොන හෙයියම්මාරුවක් දමා හෝ ආණ්ඩුව පෙරළා ගැනීම ඔහුගේ ආසන්න ම අවශ්‍යතාව වන හෙයිනි.
එහෙත් මේ අතර ම, ගෝඨාභයගේ ජනපති අපේක්ෂකත්වයට එරෙහි ව නැගෙන විරෝධය හමුවේ මහින්දමත් අර්බුදයට ගොස් ඇත. එය පවුල තුළ මෙන් ම ඒකාබද්ධය තුළ ද විවිධ ප්‍රතිවිරෝධතා මතු කර ඇත. ඒ බැව් අගෝස්තු 2 දා ලිප්ටන් වටරවුමේ පැවති ඊනියා ජන විරෝධතාව පුස්සක් බවට පත් වීමට ද හේතු විය.මේ සියලු ප්‍රතිවිරෝධතා සමහන් කිරීමට, මොවුන් සියලු දෙනාගේ එකම ගැලවිජ්ජාව වන මහින්දවාදී බලුගැත්තරකමට කොතෙක් දුරට හැකි වේදැ යි ඉදිරියේ දී දැක ගත හැකි වනු ඇත. =================================
මොරගහකන්ද මගේ වැඩක්! නෑ ඕයි, මගේ වැඩක්!
පසුගිය දා සිරි ලංකාවේ අසන්නට ලැබුණ , දකින්නට ලැබුණ ප්‍රහසනයකි. එහි ප්‍රධාන පාත්‍ර වර්ගයා වූයේ වත්මන් ජනපති මෛත්‍රීපාල සහ හිටපු ජනපති (ඔහුගේ ගිහි මෙන්ම පැවිදි පක්කලියන්ට අනුව නම්, වත්මන් ජනපති) මහින්ද ය. මේ හුටපටයට නිමිත්ත වූයේ මොර හහකන්ද ජලාශයට දියවර නිකුත් කිරීමේදීත් මේ ව්‍යපෘතියට එකල මහින්ද රජා අකුල් හෙලූ හැටි කියමින් තමාගේ සිහිනය බොඳ කර දැමීමට ඔහු දැරූ උත්සාහය ගැන කළ මතක් කිරීම ය. මෛත්‍රීපාල ගැන කියන්නේ නම් , පොදු අපෙක්ෂකත්වය ලබා ගත් තැන් පටන් ඔහු වරින් වර මෙම ඤරුඤුරු ගෑම කළ බව ය. මෙම ව්‍යාපෘතියට මහින්ද මූලිකත්වයක් දුන්නා නම් එය ඔප්පු කරන මෙන්ද එහිදී ඔහු අභියෝග කිරීමක් ද කලේ ය. මහින්ද ආණ්ඩුවේ ඇමතිවරයකු පමණක් නො ව , ශ්‍රිලනිපයේ මහා ලේකම්ද වූ ඔහුට මෙහි දී අමතක වී ඇත්තේ 2009 ජනපතිවරණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නිකුත් කළ " ශ්‍රීලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කරමු " නමැති පත්‍රිකාවේ දෙන්නා කිටි කිටියේ සිටිමින් මොරගහකන්ද ගොඩ නැගෙන හැටි බලා සිටින ඡායාරූපයක් ද පළ කර ඇති බව ය. එමතු ද නො වේ. '' නූතන වාරි වික්‍රමය '' ලෙස ද එහි සඳහන් ව ඇත. 2018 සිරිසේන ඔහුට ම සුවිශේෂී වූ වදන් ලෙස මවා පාන්නේ ද එම වදන් ම ය.
Comments
Post a Comment