2018 නොවැම්බර් 4 කලාපය 16
සිරිසේනගෙ ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරදවමු!
ඔක්තෝබර් 26 දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දියත් කළ නීච පාර්ලිමේන්තුමය කුමන්ත්රණයෙන් ඇරඹුණ ශ්‍රී ලංකාව මුළු ලොව පුරා මස්තබාල්දු වීමේ ක්‍රියාවලිය, ප්රජාතන්ත්රවාදය පිළිබඳ අබමල් රේණුවක හෝ හැඟීමක් ඇති සියලු දෙනා තුළ ම එම සිරිසේන කෙරෙහි කෝපය පමණක් නො ව, මනුෂ්‍යයකුට ඇති විය හැකි අන්තම පිළිකුල ද ජනනය කරමින් දැන් දිග හැරෙමින් ඇත. සිරිසේනගේ මේ නොසන්ඩාල ක්රියාවේ පැතිකඩ ගණනාවක් ඇත.ඉන් මූලික ම දේවල් වනුයේ
1) එය මුළුමණින්ම ව්‍යවස්ථා-විරෝධී වීම
2) එමගින් ව්‍යවස්ථාව පයිසෙකටවත් නොතකා ඉදිරියේ දී ක්‍රියා කිරීමට ඕනෑ ම ජනාධිපතිවරයකුට ව්‍යස්ථානුකූල හැකියාව ලබා දීම
3) විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ජනතාවට පොරොන්දු වී බලයට පැමිණ , ඒ වෙනුවට එහි බලතල සීමා කිරීමට සැකසූ 19 වැනි සංශෝධනය පවා බල රහිත කිරීම මගින් ජන වරම අමු අමුවේ පාවාදීම සහ එමගින් ජනතාවගේ ඡන්ද බලය , එයට තිබූ එකම හැකියාව ද සමගින් කිසිම වැදගත්කමකින් යුතු නැති දෙයක් බවට පත් කිරීම.
4)තමා ව පත් කර ගනු ලැබුවේ මහින්ද රාජපක්ෂ නමැති අන්ත දූෂිත මිනීමරු ඒකාධිපතියා ජනාධිපති ධුරයෙන් චුත කර දැමීමේ ඓතිහාසික කාර්යයට ජීවිත අවදානම නොතකා සහ අන් දෙශපාලන වෙනස්කම් නොතකා පෙරට ආ 62 ලක්ෂයකට අධික ජනතාවකගෙ ඡන්ද බලයේ මහිමයෙන් ව තිබිය දී , ලොව මේ තාක් පහළවූ කිසිදු නීචයකු නොකළ පමණක් නො ව කිරීමට තුන් හිතකින්වත් නොසිතූ සහ නොසිතන අවලං ක්‍රියාවක් කරමින් එම අධමයා ව ම ,නිකම් නො ව ව්‍යවස්ථා විරෝධී ව ම පත් කිරීම.
5) මෙම අලුකුත්තේරු පාදඩ ක්‍රියාව සාධාරණ කරනු වස් , කිසිදු පැහැදිලි කිරීමකින් තොර ව එය ව්‍යවස්ථානුකූල යැයි උජාරුවෙන් කියන අතර ම, තමා පත් කළ හිගන අගමැතියා සතු බහුතරය පෙන්වීමට ක්‍රියා කරනු වෙනුවට, එය පෙන්විය යුතු ස්ථානය වන උත්තරීතර යැයි කියන පාර්ලිමේන්තුව නිර්ලජ්ජිත ලෙස කල් දැමීම
අන්ත ගුණමකුකම,මුදල් කෙලකෝටිගණන් දෙමින් මන්ත්‍රිවරුන් බිලීබා ගැනීම් ඇතුළු තවත් අතුරු කාරණා ගණනාවක් ඇතත්, මූලික දේශපාලන කරුණු වන්නේ ඒවා ය.මේ සියලු කරුණුවලින් නොවරදින සේ තහවුරු ව ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන යනු, මේ වසර තුනහමාර තුළ සිදුවූ එකම සාධනීය දෙයකට හෝ හිමිකම් පෑ නොහැකි, යහපාලන කඩතුරාවෙන් සිය අන්ත නීචකම වසා ගෙන සිටි බොරුකාරයකු බව ය.එදා මොහුට ඡන්දය දුන් කිසිවකුත්(ඔහුගේ පවුලේ අය සහ තවමත් ඔහුව පිළිකෙව් කිරීමට පිට කොන්දක් නැති අය හැර ) එම මහින්ද පැරදවීමට මොහුට ඡන්දය දීම ගැන පසුතැවිලි නොවිය යුතු ය. එදා ඒ උතුම් කාර්යය කර ගත හැකි ව තිබුණේ පොදු අපේක්ෂකයාට ඡන්දය දීමෙන් පමණි .පොදු අපෙක්ෂකයා කවුද යන්න තීරණය කිරීමේ හැකියාව තිබුණේ අතලොස්සකටය. ඔවුන් සිය දේශපාලන අමනකම අනුව ඒ සඳහා තෝරා ගත්තේ සිරිසේන ව ය.අමනකම අනුව යැයි අප කියන්නේ , මේ සිරිසේන, අප මුල සිට ම පෙන්වා දුන් පරිදි වසර 10ක මහින්ද පාලනය යටතේ එම පාලනයට එරෙහි ව වචනයකුදු ප්‍රකාශ නොකළ අයකු වන නිසා ය.එමතු ද නොව, ඔහු මහින්දගේ අදහසකට වෙනස් මතයක් දැරූ ප්‍රථම සහ එක ම අවස්ථාවේ දී ඉල්ලා සිටියේ, ජනපතිවරණය නොපවත්වා ඉදිරි වසර දෙක ද මහින්ද තවදුරටත් පාලනය ගෙන යා යුතු බව ය ! එම ප්‍රකාශයේ ගඳ තවමත් තිබිය දී, මෙවැන්නකු කෙරෙහි විශ්වාසය තැබීමට නම්, යමකු කොච්චර නම් අමන විය යුතු ද? ඇත්ත වශයෙන් ම එදා ඔහුට ඡන්දය දුන් හැම දෙනා ඔහුට ස්තුතිවන්ත විය යුත්තේ නාම යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු ඉන් ඉවත් වී මහින්ද විරෝධී ජනතාව නන්නත්තර නොකිරීම ගැන ය. ඔහු එසේ නොකළේ ජනාධිපති වීමට තිබූ ලොල්කම නිසා පමණක් ම නො ව,එසේ ගිය හොත් මහින්ද වැන්නකුගෙන් ලැබෙන සබ්බුව ගැන මනා වැටහීමක් තිබූ නිසා ය. අප මේවා කියන්නේ දැන් යයි සමහරු ඔච්චම් කරනු ඇත. නැත. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් 2014/12/30 වැනි දින, එනම් , ජනපතිවරණයට සතියක් පමණක් ඉතිරි ව තිබියදී අප නිකුත් කළ පිටු 10කින් යුතු ප්‍රකශයේ දී මෛත්‍රිපාල සිරිසේ න පමණක් නො ව ඔහු පිටු පස සිටින පුද්ගලයන් ද විශ්වාස නො කරන මෙන් අපි ඔහුට ඡන්ද දෙන ජනතාවට අනතුරු හැගවූයේ, මහින්ද පැරදවීම සඳහා ඔහුට ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටින අතර ම ය.මෛත්රීපාලගේ ව්‍යාජ රගපෑම්වලට රැවටී සමහර යහපාලනකරුවන් ඔහුව තමන්ට අයත් කර ගැනීමට දඟලද්දී අප ඔහුගේ නියම ස්වරූපය පමණක් නො ව ඔහු මහින්ද සමග කළ ආණ්ඩු පෙරළි කුමන්ත්‍රණ ද හෙළිදරව් කළෙමු;හෙලා දුටුවෙමු. panthisatana.blogspot.com බ්ලොග් අඩවියේ ඒවා වාර්තා වී ඇත .
ජනපතිගේ ඊනියා ජාතිය ඇමතීම
තම කුමන්ත්‍රණය සාධාරණ කරනු පිණිස සෑහෙන කාලයක් තැටමීමෙන් පසු ඔහු කළ ඊනියා ජාතිය ඇමතීම, ජනාධිපතිවරයකු මේ තාක් කර ඇති බංකොලොත් ම කෙප්ප කතාව බවට වාදයක් තිබිය නොහැක;එය ඒ තරම් ම පැහැදිලි ය.
1) ඔහුට අනුව රනිල් දූෂිත ය; එ අනුව ඔහුට ඇති විකල්පය මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීම ය:අම්ම මුත්තා කාලයේවත් මෙවන් තකතිරු ගොන් කතාවක් අසා තිබේ ද? සොක්රටීස්ලා ,ප්ලේටෝලා , අරිස්ටෝටල්ලා මොන තාර්කිකයන් ද? මෙන්න ඒකට බඩුව.රනිල් දූෂිතය ; ඒ අනුව මගේ ආන්ඩුවේ සියල්ලෝම දූෂිතය. ඉතින් මං සුදනාට ඇති එකම විකල්පය දූෂිතයකු ලෙස මම ම හංවඩු ගහපු ලෝක හොරාව මම ම අගමැති බවට පත් කිරීම ය ; කොහොමද ලොජික් එක.පසුගිය පළාත් පාලන මතිවරණයේ දී , එසේ මෙසේ ගානක් නොව ට්‍රිලියන නවයක් ම රාජ්‍ය ණය පිල්ලි ගසුවා යැයි මේ "අදූෂිතයාට" චෝදනා කළේ වෙනින් කවුරුවත් නො ව ජනාධිපති නම් වූ මොහු ම ය.( මහින්දට ඇති අපේ විරුද්ධවාදීකම එසේ ම තිබිය දී , ජනපතිගේ මෙම චෝදනාව පට්ටපල් බොරුවක් බැව් අපි ගණන් හිලව් ඇතිව පෙන්වා දීමෙන් නොනැවතී, මහින්දට විරුද්ධ ව කප්පරක් සැබෑ චෝදනා තිබිය දී මෙවන් බොරු චෝදනා ඉදිරිපත් කිරීම හෙලා දුටුවෙමු ) රනිල් දූෂිත නම් අමරවීරව පත් නො කළේ , වෙනත් ශ්රිලනිපයකු පත් නොකළේ ඔවුන් මහින්දටත් වඩා දූෂිත නිසා ද? ඔහු සහ අනෙක් ශ්රිලනිපයන් දූෂිත නම් ඔවුන්ව යළි ඇමතිකම් වලට පත් කළේ ඇයි?එම ප්‍රශ්න නගීම ම සිරිසේනගේ වංචාව හෙළිදරව් කිරීමට ප්‍රමාණවත් ය.
2)රනිල් මුරණ්ඩු ය.මෙහිදී අපගේ මතකයට නැගෙන්නේ 1974 දී ආචාර්ය ඇන්.ඇම් පෙරේරා ව මුදල් ඇමතිකමෙන් නෙරපීමේ සිරිමා-ෆීලික්ස් කුමන්ත්රණයේ දී,ඊට පාර කපා ගනුවස් සිරිමා බණ්ඩාරනායක ආචාර්ය පෙරෙරා හර්තාල් සැමරුම් රැස්වීමක දී ,ඇගේ දිවංගත ස්වාමියාට එරෙහිව කළැයි කියූ ප්‍රකාශයක නොහොබිනාකම තුරුම්පුවක් කර ගත් ආකාරය යි.වසර 15 කට පෙර ඝාතනයවූ අයකු සම්බන්ධයෙන් කරන ප්‍රකාශයක් වුව තම අරමුණ මස්තකප්රාප්ත කර ගැනීමේදී ඒකාධිපති නායකයකුට ප්‍රමාණවත් ය. තමා එසේ නොකළ බව පෙරේරා පුන පුනා කීවත් ඇය එය නොපිළිගත්තා ය.සිරිසේන සිය ස්වාමි දුවගේ අඩි පාරේ! එහෙත් සිරිමා එය කිරීමේ දී , තමාගේ ක්‍රියාව සාධාරණීකරණය කර ගැනීම සඳහා පූර්ව ලිපි හුවමාරුවක යෙදුණා ය.ගෝල උන්නැහේට එවන් දේ අවශ්‍ය නැත . ව්‍යවස්ථාව කීතු කීතු කර දැමීමට අර අඳින ජනපතියකුට ඒවා කුමට ද?අගමැති මුරණ්ඩු ය යන්න එවන්නකු අස් කිරීමට හේතුවක් කර ගත්තේ කොයි රටේ ද?මෙයින් කියන්නේ අන් අයට විරුද්ධ වීමට ජනපතිට අයිතිය තිබුණත් ජනපතිගේ මතයට විරුද්ධ වීමට අන් ඇමතිවරුන්ට අයිතියක් නැති බව ය.ජනපති කැබිනට්ටුවෙන් පිටව යාම මුරණ්ඩු කමක් නො වේ; එහෙත් ඇමතිවරයකු පමණක් නො ව අගමැති වුව ජනපතිගේ මතයට එරෙහි ව යාම මුරණ්ඩුකමකි. ඒකාධිපතියන්ගෙ මුළුමහත් සාරය එය තුළ කුළු ගැන්වේ.
3) රනිල් කුල්ටූර් ය; ජාතිය ඇමතීමක දී කිව යුතු ම කතාවක් තමා ! රනිල් කුල්ටූර් බව නොදන්නේ කවුද? තමාගේ දෙශපාලන ඉතිහාසයේ දිග පළල ගැන පුන පුනා කියන මොහු රනිල්ගේ කුල්ටූර්කම ගැන දැන ගත්තේ මේ ඊයේ පෙරේදා ද?
4) නාමල් කුමාරගේ ගේ කුමන්ත්‍රණ කතාව. අප ගියවර කලාපයෙන් ද කී පරිදි රනිල් එයට සම්බන්ධ නම් කළ යුත්තේ මහින්ද ව අගමැති කිරීම නො ව රනිල්ව අත් අඩංගුවට ගැනීම ය.රනිල් එයට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් ජනපති ඉදිරිපත් කළේ නැත ඒ වෙනුවට කීවේ එම කරුණේ දී පොලිස්පති ක්‍රියා කළේ නිර්ලජ්ජිත ලෙස බව ය පොලිස්පති නිර්ලජ්ජිත ලෙස එහි දී ක්‍රියා කළේ නම් , ඊට පිළියම මහින්ද අගමැති බවට පත් කිරීම වන්නේ කෙසේ ද?
ව්‍යවස්ථාව පිළිබඳ ඇත්ත තත්ත්වය
ජනාධිපති සිරිසේන තමා අටවන්නට යන බොනපාට්වාදී ඒකාධිපතිත්වයේ පළමුවැනි පියවර ලෙස මහින්ද රාජපක්ෂ අගමැති කිරීමේ පියවර ව්‍යවස්ථානුකූලය යන අටපට්ටම් කෙබරයෙන් මෙරට ජනතාව පමණක් නො ව මුළු ලොව ම රැවටීමේ තක්කඩි උත්සාහයක නිරත වෙමින් ඇත .මෙයට කිසිවකුත් නොරැවටෙන අතර මෙම ටොම්පචය තොරොම්බල් කරන පොහොට්ටුවන් එය කරන්නේ නොදැන නො ව, මහින්දගේ හිගන අගමැතිකම තහවුරු කර ගැනීමට ඒ හැර අන් මගක් නැති නිසා ය.අප මීට පෙර ද පෙන්වා ඇති පරිදි අගමැති ඉවත් කිරීමට ජනපතිට ව්‍යවස්ථානුකූල බලයක් ඇත්ත වශයෙන් ම තිබේ නම්, රට මෙවන් මහා අර්බුදයක නොගිල්වා, විදේශික බලවේගවලට මෙරටට අත පෙවීමට මාවත සකස් නොකොට, කෙළින් ම අගමැති රනිල් කැඳවා අස් කිරීමේ ලිපිය ඔහු වෙතට ම භාර දිය හැකිව තිබිණි; මීට බොහෝ කලකට පෙර ම එය කළ හැකි ව තිබිණි . එලෙස කිරීමට තරම් පිට කොන්දක් මේ මහා සර්වබලධාරියට නොවිණි නම් ,ඊමේල් මගින් හො ෆැක්ස් මගින් හෝ ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන් ට්විටර් පණිවුඩයක් මගින් හෝ එවන් වෙනත් ක්‍රමයක් මගින් හෝ එය කළ හැකිව තිබිණි.ඉන්පසු ජනපතිවරයකුට ඔබින පරිදි එය ජනතාවට නිල වශයෙන් නිවේදනය කළ යුතු ව තිබිණි.ඉන්පසු මහින්ද රාජපක්ෂ කැඳවා ඔහු අගමැති බවට පත් කළ හැකි ව තිබිණි. එහෙත් මේ කිසිවක් නො වූයේ එක් අගමැති වරයකු සිටිය දී ඔහු ඉවත් කොට වෙනත් අගමැතිවරයකු පත් කිරීමේ කිසිදු ව්‍යවස්ථානුකූල බලයක් ඔහුට නොතිබුණ හෙයිනි .අප බ්ලොගය මගින් දිගින් දිගට ම හෙළිදරව් කළේ මෛත්‍රී-මහින්ද කුමන්ත්ර්ණයේ පරහට සිටියේ මෙම බලය නොතිබීම බව ය.අන්තිමේ දී රාජපක්ෂලාගේ නඩු අත ළගට එත් එත් ව්‍යවස්ථාව බල්ලට දමා වැඩට බැහීමට මේ චෞරයන් දෙදෙනා තීරණය කළේ, විධායක බලය අවභාවිතයේ යොදමින් සහ කෝටි ප්‍රකෝටි ගණන් අල්ලස් දී මන්ත්‍රීන් බිලී බා ගෙන බහුතරය සකසා ගෙන ව්‍යවස්ථා-විරෝධී ක්‍රියාව ව්‍යවස්ථානුකූල කර ගැනීමේ නීච මිත්යව අනුව ය.
මේ දෙන්නා රටේ මූලික නීතිය වන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම ව්‍යවස්ථානුකූල බැව් තහ වුරු කිරීමට නීති විශාරදයන් යැයි කියාගන්නා විවිධාකර පුද්ගලයන් රජයේ විද්‍යුත් මාධ්‍යවල පෝලිම් ගස්සවා ගෙන බර ටෝක් දෙති. මහින්ද විසින් "මූ පිස්සු යකෙක්" යැයි කීම නිසා කිච වී ගිය පුද්ගලයාගේ පියාණන් වූ වි.ජ.මු. ලොකුබණ්ඩාර ගෙන්වා ගත්තේ හිටපු කතානායකයකු වීමේ කරුණ මත පදනම් වී එම බොරුව සනාථ කර ගනු පිණිස ය.යුද්ධය ජය ගැනීම පදනම් කර ගෙන මහින්දට සහ ගෝඨාභයට අචාර්ය පට්ටම් පිරිනැමීමේ යෝජනාව ගෙන ඒමෙන් තමන්ගේ බුද්ධිමය බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කළ මහාචාර්යවරයෙක් ද එය නීත්‍යනුකූල යැයි කියමින් සිය ශ්‍රී මුඛය විවෘත කොට ඇත. මොවුන් හුදෙක් බඩගෝස්තරවාදීන් සහ ප්රජාතන්ත්රවාදයේ පරම හතුරන් පමණක් බව අවබෝධ ක ර ගැනීම සඳහා යමකු කළ යුතුව ඇත්තේ ව්‍යවස්ථාවේ අදාළ වගන්ති දෙස අවධානය යොමු කිරීම පමණි.
19වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමට පෙර අගමැති ඉවත් කිරීමට ජනපතිට බලය තිබුණි. එම සංශෝධනයෙන් පසු එය නැති විය. එය හොඳ ද නැද්ද යනු වෙන ම ප්රශ්නයකි. ව්‍යවස්ථවේ 42 (4) වගන්තිය අනුව "ජනධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරීම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනපති විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය." ඒ අනුව අගමැතිවරයෙක් පත් වූ විට, ජනපතිගේ මතය වැරදි යැයි පාර්ලිමේන්තුවේ දී ඔප්පු වුවහොත් මිස ,ඔහු අගමැති ලෙස සිටිනු ඇත. වරක් ඔහු පත් කළ පසු ඔහු ඉවත් කළ හැක්කේ 46(2) වගන්තිය අනුව ය.ඒ ,ඔහු ඉල්ලා අස් වුව හොත් හෝ ඔහු මන්ත්‍රීවරයකු වීම නැවතුන හොත් ය. ඊට අමතර ව අන් කොයි කාටත් බලපාන පරිදි විශ්වාස භංග යෝජනාවකින් පරාජය වුව හොත් පමණි. කැබිනට් ඇමතිවරුන්,කැබිනට් නොවන ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් සම්බන්ධයෙන් විධිවිධාන සලසා ඇති 46(3) වගන්තියේ දැක්වෙන "ඉවත් කිරීම "යන වදන් අගමැති ඉවත් කිරීම සම්බන්ධ වගන්තියේ නැත. ඒ අනුව අමාත්‍ය මණ් ඩලය පවත්නා තාක් කල් ,ඉහත දැක්වුන කරුණු සිදු නො වේ නම් ,අගමැති එලෙස ම සිටිනු ඇත.
48(2)වගන්තිය අනුව අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ එක්කෝ ආන්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජය වුව හොත් ය:නැති නම් අයවැය පරාජය වුව හොත් ය.එවිට අගමැතිගේ අගමැතිකම අහෝසි වන අතර, නැවත 42(4)වගන්තිය අනුව ජනපතිට තම මතය අනුව පාර්ලිමේන්තුවේ බහුතරය ඇති මන්ත්‍රීවරයා අගමැති ලෙස පත් කළ හැක. අමාත්‍ය මණ්ඩලය විසිරී ගිය විට අගමැතිකම අහෝසි වී යන නමුත්,අගමැතිකම අහෝසි වූවාට අමාත්‍ය මණ්ඩලය අහෝසි නො වේ.ඉහත ක්‍රම තුන අනුව අගමැතිකම නැති වූ විට අමාත්‍ය මණ්ඩලය අහෝසි නොවන්නේ ඒ අනුව ය.
ජනාධිපතිට, සිටින අගමැතිව හිතුමතේ ඉවත් කළ නොහැකිවා පමණක් නො ව,අමාත්‍ය මණ්ඩලයේ සමහර කරුණු සම්බන්ධයෙන් අගමැතිගේ අදහස් විමසිය යුත්තේ තමාට අවශ්‍ය නම් පමණක් වුවත් , සමහර කරුණුවල දී ඔහුගේ අදහස් විමසීමට ජනාධිපති බැඳී සිටී.
ජාතික ආණ්ඩුවකින් එක් පාර්ශ්වයක් ඉවත් වූ විට සිදු වන්නේ මුළු අමාත්‍ය මණ්ඩලය විසිර යාම නො ව, එම ඇමතිවරුන්ගේ ඇමති ධුර අහෝසි වීම ය.එවිට සිදු වන්නේ අමාත්‍ය මණ්ඩලය 30ට බැසීම නිසා එය ට අනුකූල ව ඇමති මණ්ඩලය යළි සකස් කිරීමට සිදු වීම ය.
අගමැති අස් කිරීමට පෙර තවත් අගමැතිවරයකු පත් කිරිමේ සිට ,තමන්ට කොහෙත්ම නැති බලයක් යොදා අගමැති අස් කිරීම සහ නව අගමැතිවරයකු පත් කිරීම දක්වා වූ ජනපති සිරිසේනගේ ක්‍රියාවලිය මුල සිට අගට ම ව්‍යවස්ථා -විරෝධී නෙයියාඩමක් වන්නේ ඒ අනුවය. මෙම ක්‍රියාවෙන් නොනැවතී ව්‍යවස්ථාව බල්ලට දමා මැතිවරණයකට යාමේ සැලසුම ද දැන් ඉදිරියට දමා ඇත.මෙය මෙතැනින් නොනවතිනු ඇත.
මහින්දගේ බත් බැලයන් රනිල්ට කඩේ යාම් ගැන කරන තක්කඩි චෝදනාවන්ට බයේ,මෛත්‍රී -මහින්ද ව්‍යවස්ථා කුමන්ත්‍රණය ජය ගැනීමට ඉඩ දීම යනු මෙරට සීමිත ප්රජාතන්ත්රවාදයත් මුළුමණින් ම වලලා දැමීමට පාර කැපීමකි. ඊට ඉඩ දෙනවා නම් ජනාධිපති කරන ඕනෑ ම ක්‍රියාවක් ව්‍යවස්ථානුකූලය යන එකම වගන්තියක ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතු ව ඇත.
අපි ව්‍යවස්ථා අට්ටරයෝ නොවෙමු. එහෙත් ව්‍යවස්ථාවක් අමු අමුවේ උල්ලංඝනය කරන විට ව්‍යාජ විප්ලවවාදී වචන එහෙට මෙහෙට විසි කරමින් ඒකාධිපතියන්ට මුක්කු ගසන්නෝ ද නොවෙමු.මුහුණු පොතේ අපට මහින්දවාදි කුණුහරුප ශබ්ද කෝෂයෙන් අපට ගරහන්නෝ කොහොමටත් මහින්දගේ බත් බැලයන් නිසා අපි ඒවා තුට්ටුවකටවත් මායිම් නොකරමු. ඔවුන් සිය ජීවිත කාලය පුරා ම කර ඇත්තේ බණ්ඩාරනායක සහ රාජපක්ෂ පවුල්වල දංකුඩ ගිල දැමීම බව සියල්ලෝ ම දනිති.
Comments
Post a Comment